අමාත්‍ය විමල් විරවංශ වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙසට පවුලේ සාමාජිකයින්ගෙන් හා
පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එවැනි බලපෑමක් එල්ල වී ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදිය යුතු බවට විමල් විරවංශ අමාත්‍යවරයා පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට කරතිබූ ප්‍රකාශයයි.
 
එම ප්‍රකාශයට එරෙහිව එල්ලවෙමින් තිබෙන බලපෑම් හමුවේ ජනාධිපතිවරයා බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
විමල් අමාත්‍යවරයා 'ලංකාදීප' පුවත්පතට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (පොහොට්ටුවේ) මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා පුවත්පතකට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බවයි.
 
 
මේවනවිට විමල් විරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහිව පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් පුළුල් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත.
 
විමල් විරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අගමැති මහින්ද රාජපක්ෂ බලහත්කාරයෙන් දේශපාලනයෙන් නෙරපා හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම මාධ්‍ය මෙහෙයුම මගින් අවධාරණය කරමින් තිබෙන අතර ඒ හරහා යලිත් වරක් මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය ඉස්මතු කරලීමට උත්සහ දරමින් සිටියි.
 
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග Truth with Chamuditha අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසුයේ, විමල් වීරවංශ අමාත්‍යවරයා ආණ්ඩුව තුළ  බරපතල කුමන්ත්‍රණයක යෙදී සිටින බවයි.
 
 
''මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයෙන් පන්නන්න විමල් කවුද? දැන් අපිට තේරෙනවා විමල් මහින්ද පන්නන කුමන්ත්‍රණයක තමයි ඉන්නේ කියලා.'' පොහොට්ටුවේ ලේකම් එම මාධ්‍ය සාකච්ජාවේදී අවධාරණය කර සිටියි.
 
 
''විමල්ට මම කියන්නේ ඔයා පොහොට්ටුවේ කෙනෙක් නෙමෙයි. පොහොට්ටුවේ ඒවා අපි බලාගන්නම්. ඔයා ඔයාගෙ පක්ෂය බලාගෙන ඉන්න.'' නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා එම සංවාදයේදී තවදුරටත් පවසයි.
 
අගමැතිවරයා වහාම ආණ්ඩු පක්ෂයේ  රැස්වීමක් කැදවා තිබෙන බවත්, අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ ඇමති විමල්ගේ ප්‍රකාශ පිලිබදව දැඩි කලකිරීමකින් සිටිනා බවත් පොහොට්ටු ලේකම් කියා සිටියි.
 
''ඔහු කලින්ම දන්නවා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ නෑ කියලා. දැන දැන විමල් කලේ මීඩියා ශෝ එකක්. බොරු වීරයෙක් වෙන්නයි හැදුවේ. විමල්ට ඡන්ද පදනමක් නෑ. මේ පාර ලක්ෂ 2යි.'' යයි පවසන පොහොට්ටු ලේකම් වරයා,  ''69 ලක්ශය විමල්ට අයිති නෑ.'' යයි ද අවධාරණය කර සිටියි.
 
පොහොට්ටු ලේකම්වරයා මෙසේද පවසයි.
 
 
''ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ආරම්භයට විමල් කිසිම දායකත්වයක් දැක්වූ කෙනෙක් නෙමෙයි. පොදුජන පෙරමුන හැදුවේ මහින්දයි බැසිලුයි. විමල් ඒක හදනවට විරුද්ධව හිටපු කෙනෙක්....විමල් වෙනම දේශපාලන ගමනක් කියොත් අහිකුන්ටකය නැතුව නටන්න ගිය නයාට වෙච්චදේ තමයි වෙන්නේ.'' -පොහොට්ටු ලේකම් 
 
''කරුමේ අපි අරගෙන ඒගොලෝ කියන්නේ උරුමේ ඒගොල්ලන්ට දෙන්න කියලද. ආන්ඩුවක් ඇතුලේ එහෙම වැඩ කරන්න බෑ. 
 
විමල් එක්ක කිසිම පුද්ගලයෙකුට පක්ෂය ඇතුලේ ඉන්න බෑ. හැමෝම දාල ගියා. ජයන්ත විතරයි ඉතුරු.
 
මගේ ජාතික ලැයිස්තු එයාට ප්‍රශ්නයක් නම්. එයාගේ මුසම්මිල් ඉන්නේ කොහොමද? ඒක මටත් ප්‍රශ්නයක්.'' යයි ඔහු විමසා සිටියි.
 
 
''මේ ලබාගත්ත ආන්ඩුවේ ජයග්‍රහණය පාවාදෙන්නයි උත්සහා කරන්නේ.'' 
 
පොහොට්ටු ලේකම්වරයා බරපතල චෝදනාවක් නගමින් පවසන්නේ, ආණ්ඩුවේ ජයග්‍රහණ පාවාදීමට විමල් විරවංශ අමාත්‍යවරයා කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. 
 

 
 
 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්