මහින්ද රාජපක්ෂගේ පාලනය 2015 වසරේ අවසන් වීමත් සමඟ නැවත වතාවක් ඔහුව බලයට ගෙන ඒමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටත් මූලිකත්වය ගත් පිරිසකගෙන් කෙනෙකු වීම නිසා

 

ජනතාවගෙන් සමාව ගත යුතුනම් තමන් එයට සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ අද (09) මීගමුවේදී පැවසිය.
 
ඔහු එබව කියා සිටියේ, පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් ඔහු පසුගිය දා සිදු කළ ප්‍රකාශයක්  සම්බන්ධයෙන් බැසිල්වාදීන් ගෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
 
අමාත්‍යවරයා පසුගිය දා පුවත් පතකට කළ ප්‍රකාශයක දක්වුණේ, ජනාධිපතිවරයා  ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් එතුමාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවත් ය.
 
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වූහ.
 
ඔවුන් පැවසුවේ, එකි ප්‍රකාශයට අදාළව විමල් වීරවංශ ජනතාවගෙන් සමාවගත යුතුව ඇති බවයි.
 
මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ අමාත්‍යවරයාට එවැනි ප්‍රකාශයක් කිරීමට හෝ එවැනි තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
 
අද දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මීගමුවේදී පැවසුවේ, මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම් සහ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් නම් තමා ජාතියෙන් සමාව ගත  යුතු බවයි.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ, ඉහළ තනතුරක සිටිය යුතුයි යන්න ඉදිරිපත් කිරීම තුළින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යරවයා නායකත්ව තනතුරේ නොසිටිය  යුතු යැයි අදහස් නොවන බව ඔහු අවධාරණය කර සිටියේය.
 
ඔහුට එරෙහිව පොහොට්ටුවේ මහ ලේකම් ඇතුළු කිහිප දෙනෙකු විසින් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අදහස් විමසු විට ඔහු කියා සිටියේ පොඩි ළමයි බඩු මුට්ටු පොඩි පට්ටම් කරගත්තට කලබල නොවිය යුතු බවයි.
 
 

'මල් මල් විමල්' - රක්ෂණ සභාපති, විමල්ට 'කින්ඩිය' දමයි
 
slic333මේ අතර දැඩි බැසිල්වාදියකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති අචාර්ය ජගත් වැල්ලවත්ත සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
 
 
 
''විමල් දක්ෂ වේදිකා කතිකයෙකි. ඒ ඔහුගේ කටට බ්‍රේක් නැති නිසාය. කටකම සෙයිවාවක් නැති නිසාය. එහෙත් විමල් වේදිකා තනන්නෙකු නොවේ. ඔහු හැමදාම කතිකයා වන්නේ අනුන් හදන වේදිකාවලය. ඒ වේදිකාවල සිට නිතරම ගේම ඉල්ලන්නෙ වේදිකාව හැදූ අයට එරෙහිවමය. 
 
 
වරක් UNA එක සමගත් ගේමක් ඉල්ලා නිකම් සවුත්තු විය. ඔහු දීර්ඝ කාලීනව ගේම ඉල්ලා සිටින්නේ බැසිල් රාජපක්ෂ සමඟය. ඒ බැසිල් සැබෑ වේදිකා තනන්නෙකු නිසාය. 
 
විමල්ව JVP න් ගැලෙව්වේත් බැසිල්ය. විමල්ව පොරක් කලෙත් බැසිල්ය. බැසිල්ට උවමනා නම් තමාව ඉවර කළ හැක්කේත් බැසිල්ටම බව විමල් දන්නවාය.  
 
දෙවැනි කරුණ විමල්ගේ 2015 සැලසුම අවලංගු කලේ බැසිල් ම බව විමල් දන්නා නිසාය. 2015 මැතිවරණයේ දී විමල්ලා උපදෙස් දී තිබුණේ බැසිල් මීළඟ අගමැතිවරයා වීමට ඉඩ ඇති බැවින් ඔහු හැකිතාක් ඈතින් තබා මැතිවරණය කල යුතු බවටය. 
 
එහෙත් පරාජයෙන් පසු එහි වගකීම පැවරුවේද බැසිල්ටය. මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු ඒම සඳහා ජානක බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලාමේන්තුවෙන් ඉල්ලා අස්වූ පසුත් එම ගමන නැවැත්තුවේ විමල්ලාය. මහින්දට විමල්ලා දුන් උපදෙස දේශපාලනයෙන් නම්බුකාර ලෙස සමුගන්නා ලෙසය.  
 
 
‘මහින්ද සුළඟ’පටන් ගත්තේ මහින්ද බලයට ගෙන ඒමට නොව ඔහු සංකේතය කරගෙන විමල්ට රජවෙන්නටය. මේ බව හරියටම බැසිල් රාජපක්ෂ තේරුම් නොගත්තා නම් එතැනින්ම රාජපක්ෂ දේශපාලනය අවසන්ය. 
 
 බැසිල් රාජපක්ෂ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කලේ ඒ නිසාය . ඊට හරහට සිටියේද විමල්ගේ කණ්ඩායමය. එම දේශපාලන ව්‍යාපාරය යෝධ එකක් බවට පත්වන විට එහි ඉදිරියෙන්ම සිට ගනිමින් ලකුණු දාගත්තේ ද විමල්මය. 
 
විමල් ගේම ඉල්ලන විට ඒ දැවැන්තම ආයතන සහ පුද්ගලයන් තෝරා ගන්නේ තම ජනප්‍රියභාවය ඉහලටම පත්වන්නේ එවිට බව මාධ්‍යකරුවෙක් ලෙස ඔහු දන්නා නිසාය. 
 
20 වැනි සංශෝධනය ගෙන ආ විට එය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ බලය අහිමි කිරීමක්යැයි කියූ විමල් දැන් කියන්නේ ඔහුට පොහොට්ටුවේ නායකත්වයෙන් ඉවත්වන්නට කියාය. 
 
ඒ රාජපක්ෂවරුන් අතර විරසකයක් ඇති කිරීමටය. එසේ නොවේනම් මේ කතාව වඩා සමීප වන්නේ සහබුද්ධික දේශපාලන කතාවකට වඩා තනමල්විල මල් කතාවකටය. 
 
රාජපක්ෂවරු දේශපෙලනයෙන් හුදෙකලා කිරීමට ලේසි නැති බව විමල් හොදාකාරවම දනී. බැසිල් සමඟ ගේම ඉල්ලීමේ අවසන් ප්‍රතිඵ්‍ලය ද ඔහු හොදාකාරවම දනී. කිසිකවර කලකත් පොහෙට්ටුව ඇල්ලීමට තමන්ට නොහැකි බවත් විමල් දනී.  
 
එය එසේනම් රාජ්‍ය නායකයා කෙසේ වෙතත් අගමැතිවරයා වීමටවත් ඇති ඔහුගේ සිහිනයට යා හැක්කේ කෙසේද? (20 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලය අඩුවීමට ඔහු විරුද්ධ වූයේත් මේ නිසාය)
 
ඔහු දකින ආකාරයට ස.ජ. බ. යෙහි සජිත් සහ චම්පික අතර ඇත්තේ විශාල කරගයකි. ඒ නිසා ඉන් මොකා ජනාධිපති අපේක්ෂකයා වුවද අනෙකාට අගමැතිකම දෙන්නේ නැත. එමෙන්ම ප්‍රගතිශීලී පෙරමුණේ ද සහය ඇති සිංහල බෞද්ධ නායකයකුගේ අවශ්‍යතාවක් ඊට ඇති බවත් චම්පිකට වඩා ඊට සුදුස්සා තමා බවත් විමල්ගේ ගනන් හැදිල්ලය. විමල් ආණ්ඩු පක්ෂයේ විපක්ෂ නායකයාගේ භූමිකාවට අදින්නේ ඒ නිසාය. 
 
''ඒ කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ලෙස අපට විමල්ට කීමට  ඇත්තේ මෙපමණය. “ඔබේ කෙරුවාව තවදුරටත් මෙසේනම් ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කිරීමට දැන්ම සිටම සූදානම් වෙනු” කියාය. සුභ ගමන් විමල්''
 

 
 
 
ගෝඨාභය ගොඩදාන්න ගිය විමල් ගුටි කෑමට නියමිතයි
 
 

 
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්