තමා පොහොට්ටු පක්ෂයේ නායකත්වයෙන් නෙරපිය යුතු බවට විමල් විරවංශ අමත්‍යවරයා පුවත්පතකට ප්‍රකාශකර ඇති බවක්

නොදන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

 
ඔහු එබව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීමේ දිය.
 
මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ නායකයින් අතර බරපතල ගැටුමක් ඇතිවිය හැකිබවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර තිබිනද එම රැස්වීමේදී එවැනි කිසිඳු මත ගැටුමක් ඇතිනොවූ බව වාර්තාවේ.
 
 
 
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගාලගෝටියක් වෙයි
 
කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති අද පෙරවරුවේ පැවති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට අමාත්‍ය විමල් විරවංශ විසින් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් සිදුව ඇත.
 
අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු විරෝධය පළ කිරීම හේතුවෙන් එවැනි උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.
 
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම රැස්වීමට සහභාගී වී නොමැත. ඒ, ඔහුට අධිකරණ කටයුත්තක් සඳහා යාමට ඇති බව දැනුම් දෙමිනි.
 
එම රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය වාසුදේව නානායක්කාර හට අසභ්‍ය වචනයෙන්  බැනවැදී ඇත.
 
රැස්වීම ආරම්භ වීමෙන් පසු පළමුව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා, සාකච්ජාව උණුසුම් කරමින් විමල් වීරවංශ අමත්‍යවරයා ලබා දී තිබූ පුවත්පත් සාකච්ජාව දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන ඇත.
 
එහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ වීරවංශ අමත්‍යවරයා  අද දින රැස්වීමේ නොමැති බැවින් ඔහු සිටින අවස්ථාවක මේ පිළිබද සාකච්ජා කළ යුතු බවකි.
 
නමුත් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද නැති තැන මෙම පිරිස් තමන් පිළිබදව කතා කරන බවත්, කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු බවත්ය.
 
ඉන් අනතුරුව නැගී සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, අමාත්‍ය වීරවංශ ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කිරීමට කටයුතු කර ඇත.
 
එහිදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ද ඊට එරෙහිව අදහස් දක්වා ඇති අතර මෙහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ.
 
කෙසේවෙතත් මේ අවස්ථාවේදී අගමැතිවරයා මැදිහත් වෙමින් සියලු දෙනාම එකිනෙකාට ගරු කරමින් ඉදිරියට යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කොට ඇත.
 
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ අදහස් දක්වමින්, ඇතැම් කණ්ඩායම් සිය පෞද්ගලික මත පවා සමාජ මාධ්‍ය ජාලාවල පල කිරීම හේතුකොට ගෙන ඒවාට නිල පිළිගැනීමක් ලබා දී තිබිම හේතුවෙන් ගැටලු මතු වී ඇති බවත්, එවැනි දෑ සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.
 
ඊටද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා යළි ප්‍රතිචාර දැක්වීමත් සමග රැස්වීම නැවතත් උණුසුම් වී තිබේ.
 
මෙහිදී උදය ගම්මන්පිල අමත්‍යවරයා ද සාකච්ජාවට මැදිහත් වෙමින් අමාත්‍ය වීරවංශ සිටින අවස්ථාවක මෙම ප්‍රශ්නය සාකච්ජා කළ යුතු බව සඳහන් කොට ඇත.
 
ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ගැටුම සමතයකට පත්කර ගනිමු යයි පවසමින් අගමැතිවරයා රැස්වීම නිමා කර ඇත.
 
 
ප්‍රසන්න ගේ  ගේම් ප්ලෑන් එකක් ?
 
මේ අතර අප වෙත වාර්තා වන්නේ, විමල් විරවංශ අමාත්‍යවරයා 'ඉරිදා ලංකාදීප' පුවත්පතට කරතිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් බැසිල්වාදී ප්‍රසන්න රණතුංග අමත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකු ඊයේ දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ හමුවී දැනුවත් කර ඇති බවයි.
 
එහිදී විමල් විරවංශ ජනාධිපතිවරයා නොමග යවමින්, ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයකට සුදානම් වන බව පවසා ඇති ප්‍රසන්න අමාත්‍යවරයා, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තමා ප්‍රශ්නකරන බවද සඳහන් කර ඇතැයි පැවසේ.
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයකු පැවසුයේ, අගමැතිවරයා සහ අමාත්‍ය විමල් විරවංශ අතර ගැටුමක් ඇතිකිරීමට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා බලවත් උත්සහයක් දැරූ බවත්, අද පෙරවරුවේ සිදුවූ මත ගැටුම අමාත්‍ය ප්‍රසන්නගේ සැලසුම් සහගත මැදිහත්වීම මත සිදුවූ බවත්ය. 
 
බැසිල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට තීන්දු කළහොත්, අමාත්‍ය විමල් විරවංශ ඊට බාධාවක් විය හැකි බැවින් ඔහුව ඉක්මනින්ම ආණ්ඩුවේ පන්නා දැමිය යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග පවසා ඇතැයි ද අප වෙත තොරතුරු දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 


 

 

 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්