දෙමළ වර්ග සංහාර චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම උතුරු නැගෙනහිර පස් දින සාම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා

පවසයි.
 
"විශේෂයෙන් ජෙනෝසයිඩ් කියන අපරාධයට නීතිය අවශ්‍යයි කියන දේට ජාත්‍යන්තර යම් කිසි බලපෑමක් කරලා නීතිය අවශ්‍යයි කියන අර ප්‍රවෘත්තිය ලෝකයට එවන්නයි කළේ. "
 
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඒ බව සඳහන් කළේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී පෙබරවාරි 10 බදාදා මාධ්‍ය හමුවක් කැදවමිනි.
 
එය හෙළි නොකිරීම ද්‍රෝහී ක්‍රියාවක් ලෙස ඔහු විසින් අවධාරණය කරන ලදී.
 
 
 
 
ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදුවූ බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අවස්ථාවේ එය හෙලා දැකීමට ආණ්ඩු පක්ෂයත්, ප්‍රධාන විපක්ෂයත් එක්සත් වනු දැකගත හැකි විය. එහිදී,  Genocide යනුවෙන් දෙමළ මන්ත්‍රීවරයා ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කළ වර්ග සංහාරය යන්න සිංහල මන්ත්‍රීවරුන් විසින් හඳුන්වන ලද්දේ ජන සංහාරය ලෙසයි.
 
 
“මෙතන ජෙනෝසයිඩ් කියන්නේ ජන සංහාරය කියන එක” යයි අවධාරණය කරමින් ඊට විරෝධය පලකළ ආචාර්ය හර්ෂ ද සිල්වා සමග එකඟ වෙමින් රාජ්‍ය අමාත්‍ය  අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ එවැනි වචන පාවිච්චි කිරීම ප්‍රවේසමින් කළ යුතු බවයි.
 
“මම ජෙනෝසයිඩ් කියන වචනය පාවිච්චි කරන්නේ වගකීමකින්,” යයි සිංහලෙන් ප්‍රකාශ කළ පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් සංවිධානය කරන ලෙස ආණ්ඩු පක්ෂයටත් විරුද්ධ පක්ෂයටත් යෝජනා කළේය.
 
ජෙනොසයිඩ් හෙවත් වර්ග සංහාරය යනු “කිසියම් ජාතියක් හෝ කණ්ඩායමක් විනාශ කිරීමේ අරමුණින් යුතුව, එම නිශ්චිත ජාතියේ හෝ කණ්ඩායමේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් හිතාමතා ඝාතනය කිරීම,” යැයි රාජ්‍ය අමාත්‍ය කබ්රාල් එහිදී ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කළේය.
 
එය නෛතික නොවන නිර්වචනයක් ලෙස බැහැර කළ දෙමළ ජාතික ජනතා පෙරමුණු නායකයා කියා සිටියේ තමන් නීතිඥවරයකු වශයෙන් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සුදුසුකම් ඇත්තකු බවයි.
 
 
 
 
“අනන්‍යතාව මුළුමනින්ම හෝ ඉන් කොටසක් හෝ විනාශ කිරීම වර්ග සංහාරය නම් අපරාධය වෙයි,” යනුවෙන් ප්‍රකාශ කළ පොන්නම්බලම් මන්ත්‍රීවරයා “වර්ග සංහාරය යනු හුදෙක් ජීවිත හානිය පමණක් නොවේ,” යි කියා සිටියේය. එය දිගටම සිදුවෙමින් පවතින්නක් බවට ඔහු අවධාරණය කළේය.
 
ඒ පිළිබඳව සැකහැර දැනගැනීම අවශ්‍යතාවක් වේ නම් රජය කළ යුත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිගනිමින් රෝම සම්මුතියට අත්සන් තබා ජාත්‍යන්තර නීතිය ඉදිරියේ එය විසඳා ගන්නා ලෙස යයි ඔහු අභියෝගයක්ද කළේය.
 
නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් පස් දිනක් පුරා  දියත්වූ සාම පාදයාත්‍රාවේ අරමුණු වී තිබුනේ දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස්  හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමයි.
 
දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, උතුරු නැගෙනහිර හමුදාකරණය වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම, දෙමළ ජනතාවට එරෙහිව හතලිස් අවුරුද්දක් තිස්සේ යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මුස්ලිම්වරුන්ට එරෙහිව යොදා ගැනීම, අතුරුදහන්වුවන්ගේ ඉරණම හෙළි නොකිරීම, දේශපාලන සිරකරුවන් දීර්ඝ කාලයක් නඩු නැතිව සිරගත කොට තැබීම, දෙමළ මළවුන් සිහිපත් කිරීමේ අයිතිය ඇවිරීම හා මානව හිමිකම් උල්ලංඝන එළිදරව් කිරීමට වෙහෙසෙන මාධ්‍යවේදීන් හා බහුජන ක්‍රියාධාරීන් දඩයම් කිරීමට එරෙහිවීම ද  සාම පාද යාත්‍රාවේ අරමුණු ලෙස උතුරු නැගෙනහිර සිවිල් සමාජ සංසදය විසින් එක්සත් ජාතීන් වෙත යවා ඇති සන්දේශයක දැක්වේ.
 
Jaffna P2P march
 
අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්, කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන් හා කන්‍යා සොයුරියන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, මුස්ලිම් ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව පීඩාවට පත් සාමාන්‍ය වැසියන්ද දහස් ගණනින් P2P විරෝධතාවයට එක්ව සිටියහ.
 
එම විරෝධතාව මෙහෙයවූ නායකත්වයට නඩු දමා හිරේ යවන බවට මහජන ආරක්ෂාව භාර ඇමැති සරත් වීරසේකර ඉකුත් දා අනතුරු අඟවා තිබුණි.
 
 
 

 

2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?
 

 
 
ඇත්තටම උම්මත්තක දේවානි ද ඇමති සීබී ද
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්