කෝවිඩ් වසංගත තත්වය තුළ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජය සැලසුම් විරහිතව කටයුතු කරන ආකාරය බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ දින ප්‍රකාශ කිරීමෙන් හෙළිදරව් වන
බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් පවසයි.
 
 ලංකා ගුරු සංගමය පවසන්නේ බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, බස්නාහිර පළාතේ 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසල් ආරම්භ කර තිබු බවයි.
 
 එසේ තිබියදී බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීම පෙබරවාරි 15 දින සිදුවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙබරවාරි 9 අඟහරුවාදා  දින ප්‍රකාශ කර තිබුණි.
 
 එහිදී ඔහු සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ  පාසල් 80 ක් පමණක් පෙබරවාරි 15 දින විවෘත කළ නොහැකි අතර, සෙසු පාසල් නියමිත පරිදි පෙබරවාරි 15 දින ආරම්භ වන බවයි.
 
 
 
 
එසේ තිබියදී  පෙබරවාරි 10 බදාදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ පාසල් G.L 11.02 නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ මාර්තු 15 දින බවයි.
 
 
 
ලංකා ගුරු සංගමය පවසන්නේ පෙබරවාරි 15 දින පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ප්‍රකාශ සිදු කිරීමට පෙර පාසල් ඇරඹීමට අදාළ විධිමත් නිර්දේශ ලබාගෙන නොමැති බව අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ මගින් පැහැදිලි වන බවයි.
 
 දිස්ත්‍රික්ක කමිටුවල තීරණ මත පාසල් විවෘත වන්නේ නම් සිදු විය යුත්තේ එම තීරණ පළාත් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා  කර ඔවුන්ගේ අනුමැතියෙන් රේඛීය අමාත්‍යාංශයේ ද අදාළ අංශ සමග සාකච්ඡා  කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ ද අනුමැතිය ලබාගෙන පාසල් අරම්භ කිරීමට කටයුතු කිරීම බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 
 
 
staling11.02ඔහුගේ අත්සනින් යුතුව පෙබරවාරි 10 බදාදා නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් අවධාරණය කර ඇත්තේ මෙසේ එක් දිනක් තුළ දින වෙනස් කිරීමෙන් පැහැදිලි වන්නේ එවැනි විධිමත් ක්‍රමවේදයකින් තොරව  දින ප්‍රකාශ කර ඇති බවයි.
 
 
 
පරස්පර ප්‍රකාශ:
මෙවැනි පරස්පර ප්‍රකාශ මගින් දෙමව්පියන්, ගුරුවරු සහ අධ්‍යාපන පද්ධතියට අදාළ පිරිස් තුළ පාසල්වල කෝවිඩ් 19  ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැකසංකා මතුවීම නොවැලැක්විය හැකි බව අවධාරණය කරන ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා පෙන්වා දෙන්නේ මෙය කෝවිඩ්  ව්‍යාප්තිය පාලනයට අදාළව බරපතල තත්වයක් බවයි.
 
 "පසුගිය දිනවල කොළඹ දේවි බාලිකා විදුහලට හා කොළඹ නාලන්ද විදුහලට නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය ඇති බවයි. 
 
කොළඹ දිස්ත්‍රික්කයේ  කෝවිඩ්  ව්‍යාප්තිය බරපතල තත්වයක පැවැති උතුරු කොළඹ හා මැද කොළඹ අඩු පහසුකම් සහිත පාසල් නිරීක්ෂණය කළ යුතුව තිබූ අධ්‍යාපන ඇමතිවරයා පහසුකම් සහිත ප්‍රධාන පාසල් දෙකක් නිරීක්ෂණයෙන් පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය නිවැරදි නොවන බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරන ලදී."
 
 
 
පාසල් දරුවන් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීම වහා නතර කළ යුතු තත්වයක් බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා පෙන්වා දෙයි.
 
 
 
මේ වන විට බොහෝ පාසල්වල දරුවන් සහ ගුරුවරුන් කෝවිඩ් 19 ආසාදිතයන් බවට පත් වී ඇති තත්වයක පවතින අවදානමට අදාළව එම සංඛ්‍යා දත්ත නිවැරදිව වාර්තා නොකර තොරතුරු වසන් කිරීමට කටයුතු කිරීම තුළ රෝග පාලනයට බාධා ඇති තත්වයක් දක්නට ඇති බවටත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා චෝදනා කරයි.
 
 නිවැරදි තොරතුරු වාර්තා වන්නේ නම් දෙමව්පියන් සහ ගුරුවරු ආරක්ෂාකාරී ක්‍රමවේද අනුගමනය කර කටයුතු කිරීම සිදුවනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
 
 "පසුගිය දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ද රජය තොරතුරු වසන් කරන බව මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණි."
 
 
මෙම තත්වය තුළ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලසුමකින් තොරව දින පමණක් ප්‍රකාශ කිරීමෙන් මේ වන විට පාසල් දරුවන්, දෙමාපියන් මෙන්ම ගුරු-විදුහල්පතිවරු ද බරපතල අවිනිශ්චිත භාවයකට ලක්ව සිටින බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
 
 
මේ තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර කෝවිඩ්  19 වසංගත තත්වය තුළ පාසල් නැවත ආරම්භ කර සුරක්ෂිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාර්තු 15 දිනට පෙර විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු යොදන ලෙසත්, පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සැලැස්මකින් තොරව කරුණු ප්‍රකාශවීම සිදු නොවිය යුතු බවත් ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.
 

 

##############
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්