ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක පණු කරඳ ශාකයක් ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලා සිටී.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර දැනුම් දෙන්නේ පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව තිබෙන  ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයක් බවයි.
 
"‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී." එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
 
ගස හඳුනා ගැනීමේ පහසුව සදහා  ‘පණු කරඳ’ ශාඛයේ ඡායාරූපයක්ද  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනය සමග ඉදිරිපත් කර තිබේ.
 
ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය වැඩි දුරටත් ඉල්ලා සිටි.
 
 
දුරකථන අංකය - 0113671490
ෆැක්ස් - 0112879051
ඊ. මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්