සිසුන් කිහිප දෙනකු සහ ගුරුවරියක් කොරෝනාබාධිත වී ඇතැයි හඳුනාගෙන තිබෙන පාසලක නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත්වු බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් රජයේ ප්‍රබල
අමාත්‍යවරයකුට චෝදනා කරයි.
 
ලංකා ගුරු සංගමය පවසන පරිදි මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකුට හා ගුරුවරියකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර, අදාළ ගුරුවරිය මේ වන විටත් පැනිදෙනිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටී.
 
එවැනි අවදානම් තත්වයක පවතින පාසලක පාසල් තූර්යවාදක කණ්ඩායම ද යොදවාගෙන ආරාධිතයන් 150 කට පාසලේ සංග්‍රහයක් ද සූදානම් කොට සමාජ දුරස්තභාවය ද ආරක්ෂා නොකරමින් සමස්ත පාසල් සිසුන් දැඩි අවදානමකට යොමුකොට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් පෙබරවාරි 12 සිකුරාදා  මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ පැළ සිටුවීමේ උත්සවයක් පවත්වා ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 

IMG 20210212 WA0019

 IMG 20210212 WA0014
 
 
එම සංගමය අද නිකුත් කළ නිවේදනයක් මගින් අවධාරණය කර ඇත්තේ කෝවිඩ් 19  වසංගත තත්වය තුළ පාසල්වල කිසිදු බාහිර ක්‍රියාකාරකමක් නොපවත්වන ලෙසට සෞඛ්‍ය නිර්දේශ අනුව චක්‍රලේඛයක් පවා නිකුත් කොට තිබියදී රජයේ ප්‍රධාන අමාත්‍යවරයකු විසින් පාසල් තූර්යවාදක කණ්ඩායම යොදා ගනිමින්, පාසල් සිසුන් අවදානමට ලක් කරමින් මේ ආකාරයෙන් උත්සවයක් පැවැත්වීම බරපතල කනගාටුදායක තත්වයක් බවයි.
 
උත්සවය පැවැත්වීමේ සුදානම පිළිබදව ලංකා ගුරු සංගමය පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා දින මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද පැමිණිලි කර තිබියදීත් මෙම උත්සවය පවත්වා ඇති බවයි ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා පවසන්නේ.
 
"දේශපාලන අධිකාරිය ඉදිරියේ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ හැසීරීම මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වේ."
 
 
“අධ්‍යාපන උත්සවයක් නොවේ”
 
 
 
 
ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන පරිදි මෙම උත්සවය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා  දිනයේ මාධ්‍ය කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක ප්‍රකාශ කර ඇත්තේ එය staling12.02අධ්‍යාපනික උත්සවයක් නොවන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුරට කරුණු නොදන්නා බවයි.
 
පාසලේ සිසුන් හා තූර්යවාදක කණ්ඩායම සහභාගි කරවා ගනිමින් මෙවැනි උත්සවයක් පැවත්වීම සම්බන්යෙන් මේ ආකාරයෙන් වගකීම් විරහිතව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කිරීම බරපතල ගැටලූවක් බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
 
ගුරු සංගම් නායකයා පෙන්වා දෙන පරිදි  මේ සම්බන්ධයෙන් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙය පාසලෙන් හෝ කලාපයෙන් සංවිධානය කරන උත්සවයක් නොවන අතර, ‘මහනුවර අපි’ නැමැති සංවිධානයක් මගින් පවත්වන උත්සවයක් බවයි.
 
එසේ නම් පාසල පැවැත්වෙන දිනක පාසල් තූර්යවාදක කණ්ඩායම සහ පාසල් සිසුන් සහභාගි කරවමින් බාහිර පාර්ශවයකට මෙවැනි උත්සවයක් පැවැත්වීමට අවසර ලබාදීම බරපතල වැරදි ක්‍රියාවක් බවත් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.
 
 
IMG 20210212 WA0013
 
කෝවිඩ්  19 තත්වය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති අතර, පාසල් දරුවන් හා ගුරුවරු ආසාදිතයන් බවට පත්වීම අඛණ්ඩව සිදුවෙමින් පවතින ආකාරය පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ,  මෙවැනි තත්වයකදී රෝග පාලනයට හැකි උපරිම ලෙස කටයුතු කරමින් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට අධ්‍යාපන බලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය ද කටයුතු කළ යුතු බවයි.
 
"එසේ නොකර නිරෝධායන රීතීන් පවා උල්ලංඝණය කරමින් රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් විසින් පාසල් දරුවන් ද අවදානමට ලක් කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම රෝග ව්‍යාප්තියට උඩගෙඩි දීමකි."
 
මීට පෙර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාද  මේ ආකාරයෙන් නැගෙනහිර පළාතේ පාසල් දරුවන් යොදවාගෙන කෝවිඩ්  19 නිරෝධායන පිළිවෙත් උල්ලංඝණය කරමින් පාසල් තූර්යවාදයක කණ්ඩායම් ද යොදවාගෙන පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබුනි.
 
ලංකා ගුරු සංගමය එම අවස්ථාවේදී ද ඒ සම්බන්ධයෙන් බරපතල විරෝධය පළ කළ ආකාරය සිහිපත් කරන ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ රජයේ වගකිව යුතු ඇමතිවරයකු ද නැවතත් ඒ ආකාරයෙන් ම කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වගවීමකින් කටයුතු නොකරන බවයි.
 
නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියා  බරපතල ලෙස සැලකිල්ලට ගෙන වගකීම් විරහිතව හැසිරෙන නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් හා පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටි.
 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්