තවුහිඩ් මතවාදයෙන් සන්නද්ධ වූ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් සිදුකල පාස්කු දින
මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කීරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ බොදු බල සේනා සංවිධානය සහ එම සංවිධානයට නායකත්වය ලබා දෙන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එදිරිව නිර්දේශ ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සත්‍යය ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් නොපමාව ප්‍රකාශයක් කරන්නයි බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
බොදු බල සේනා මාධ්‍ය ලේකම්, එරන්ද කේ නවරත්න ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලිම කර ඇත. 
 
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස ද එම ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇත. 
 
2019 අප්‍රේල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාව පෙබරවාරි 01 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාරදෙනු ලැබූ අතර, එම වාර්තාවෙන් බොදු බල සේනා සංවිධානයට හා එහි ප්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශය ඉදිරිපත්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
ඊයේ (පෙබ.12) දින The Morning පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් යුතුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර ඇත. 
 final report of the Presidential Commission of Inquiry
මෙම කොමිෂම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව අවසන් වාර්තාව පසුගිය පළමු දා ජනාධිපති වෙත ලබා දෙනු ලැබුණි.
 
 
 
කොමිෂන් සභා වාර්තාව එහි සභාපති විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා වෙත පමණක් භාරදී ඇත. එම වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පාර්ශවයකට ලබා දී ඇති වගක් ද දැනගන්නට නොමැත. 
 
එවැනි වාතාවරණයක් තුල අදාළ වාර්තාවේ තම සංවිධානය පිළිබඳව අඩංගු නිර්දේශ යැයි සඳහන් කරමින් යම් යම්  කරුණු  මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් තම සංවිධානයට බලවත් අසාධාරණයක් සිදු වී ඇතිබව බොදුබල සේනා සංවිධනය විසින් ජනාධිපති ලේකම්ටයොමුකර ඇති ලිපියේ සඳහන් වේ. 
 
තම පිළිබඳව The Morning පුවත්පත වාර්තා කර ඇති මෙම පුවත සැබෑ පුවතක් ද යන්න නිළ වශයෙන් දන්නේ කොමිෂන් සභා වාර්තාව සකස්කළ පාර්ශවය හා භාරගත් පාර්ශවයක් බව එම ලිපියේ සඳහන් කර ඇති බොදු බල සේනා සංවිධානය, අදාළ පුවතින් පසුව ජනතාව කලබලයට පත්ව ඇති බැවින් තම සංවිධානය ද මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකල යුතුව ඇතැයි පවසයි.
 
එබැවින් මෙම වාර්තාවේ පිටපතක් තම සංවිධානය වෙත කඩිනමින් නිකුත් කරන ලෙසත් එසේ නිකුත් කිරීමට ප්‍රමාද වන්නේනම් එතෙක් පුවත්පත පලකර ඇති පුවත සත්‍යයක්ද යන්න පමණක් හෝ ප්‍රකාශ කරන ලෙසත් බොදු බල සේනා සංවිධානය ජනාධිපති ලේකම් වරයා ගෙන් ඉල්ලා සිටියි.
  

 
 
සබැඳි පුවත් :

 

 


 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්