ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර, විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය  ආවරණය වන පරිදි
මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ. 
 
එම මාධ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, පුවත්පත් මණ්ඩලය “විනිශ්චය ආයතනයක්” ලෙස වර්ධනය කිරීමට දරන ආණ්ඩුවේ ප්‍රයත්නයට වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය දැඩි ලෙස විරුද්ධ බවයි.
 
අන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙන් ශ්‍රී ලංකාවෙහිද ජනමාධ්‍ය නියාමනයක් තිබිය යුතු බව පිළිගන්නා එම සංවිධානය,  එසේ නමුත් ඒවා රාජ්‍ය පාලිත නියාමනයක් නොව ජනමාධ්‍ය විසින්ම පවත්වා ගන්නා ස්වයං නියාමනයට යටත්විය යුතු බව කියා සිටියි.
 
 
 
ඒ  සඳහා තම සංවිධානය විසින් වෙබ් මාධ්‍යවේදී ආචාර ධර්ම පද්ධතියක් සකස් කොට ප්‍රසිද්ධ කර ඇතැයි ද වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පවසයි.
 
 keheliya rambukwella
වෙබ් මාධ්‍ය නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත එම නීති ප්‍රසිද්ධ කරන බව පසුගිය වසර අවසානයෙහි ප්‍රකාශ කළ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, එම අවස්ථාවෙහි වැඩිදුරටත් කියා සිටියේ එම නීති සිංගප්පූරුවේ  2019  වසරෙහි පනවන ලද නීති අනුසාරයෙන් සකස් කරන ලද බවයි.
 
සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී තිබේ.
 
ආණ්ඩුව විසින් මෑතකදී පළකරන ලද දැන්වීමේ පුවත්පත් මණ්ඩලය පිළිබද සඳහන් වන්නේ  ‘ ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට බලාපොරොත්තු වේ ‘ යනුවෙනි.  
 
එහෙත් මෙලෙස විනිශ්චය ආයතනයක් ලෙස වර්ධනය කිරීමට අදහස් කෙරෙන  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය  අහෝසි  කළ යුතු බවට මෙරට ජනමාධ්‍ය සංවිධාන දශකයකටත් වඩා කාලයක් උද්ඝෝෂණය කරමින් සිටිති.
 
ඊට හේතුව වන්නේ පුවත්පත් මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පත් කෙරෙන ආයතනයක් වීමත් එය සතු අත්තනෝමතික බලතලත්ය. 
 
ඒක් නිදසුනක් නම් පුවත්පත් මණ්ඩලයට ජනමාධ්‍යවේදියකු දෙවසරක් තරම් කාලයකට සිරගත කළ හැකි අතර එහි නියෝග කවර හෝ අධිකරණයකදී  ප්‍රශ්න  කළ නොහැකිය. 
 
mahinda pa 
වර්ථමානයෙහි දී පුවත්පත් මණ්ඩලයේ සභාපතිගේ දේශපාලන භූමිකාව දෙස බලන විට එවැනි ආයතනයකට තව තවත් බලතල ලබාදීම මෙරට ජනමාධ්‍ය නිදිහසට එල්ලවනූ ඇති භයානක අනතුරක් ලෙස වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සළකයි.
 
 
ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී උත්සාහයට විරුද්ධවන ලෙස මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටින වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, පුවත්පත් මණ්ඩලය විසුරුවා හැරීමට ඉඩ සළසන ලෙසත්, ජනමාධ්‍ය සඳහා විශ්වසනීය සහ පලදායි ස්වයං නියාමන යාන්ත්‍රනයක් සකස් කර ගැනීමට දායකවන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

 

 

 


 

 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්