බැසිල් රාජපක්ෂට මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.
 
ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
බැසිල් රාජපක්ෂ මෙරට රාජ්‍ය නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග එළියට බැස පසුපෙළ මන්ත්‍රීවරු ලෙස පෙනී සිටින බවද ඔහු එහිදී සඳහන් කළේය.
 
බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටුවක් බිහි නොකලේ නම් අද ආණ්ඩුවක් නැති බව ද ඔහු කියා සිටියේය.
 

 
 
'ජනාධිපතිට වැඩකරන්න දෙන්නේ නැති අය පැන්නිය යුතුයි' : මාගල්කන්දේ හිමි බැසිල්ව පතුරු ගසයි !
 
මේ අතර නව සිහල රාවය ජාතික සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසන්නේ, ඇමරිකාවේ කකුලක් තියාගෙන ලංකාවෙ තව කකුලක් තියාගෙන ඉන්න බැසිල් රාජපක්ෂ පසුගිය කාලයේ යම් කාර්‍යයක් කළා වුවත්, පසුපෙළ මන්ත්‍රීලා උසිගන්වමින් දේශප්‍රේමී බලවේග වලට පහර ගහන්න කටයුතු කළහොත් නිසි පාඩමක් උගන්වන බවයි.
 
මාගල්කන්දේ සුදත්ත හිමියන් එම අවධාරණය කර සිටියේ, ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
 
"ඇමරිකාවේ කකුලක් තියාගෙන ලංකාවේ කකුලක් තියාගෙන දේශපාලනය කරන පාපතරයන්ට කියනවා, 69 ලක්ෂයේ ජනවරම ආපසු හරවන්න එපා. විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු වමේ - දේශප්‍රේමි පාර්ශ්වයට අසාධාරණ තීන්දුවක් ගත්තොත් මතක තියාගන්න ඊළඟ ජනාධිපතිවරණයට විකල්ප බලවේගයක් ගොඩනගනවා. ඒක ඔය කියන බැසිල් රාජපක්ෂටත් බෑ. රාජපක්ෂ කඳවුරේ කාටවත්  බෑ "  යයි එහිදී අවධාරණ කර සිටි උන්වහන්සේ, තවදුරටත් මෙසේද පැවසුහ.
 
 
"විමල් වීරවංශ අමාත්‍යවරයා කියන එක හරි. ජනාධිපතිට වැඩකරන්න දෙන්නේ නැති පිරිසක් ඉන්නවා නම්  ඔවුන් එතැනින් ඉවත් විය යුතුයි. 69 ලක්ෂයේ  ජනවරම ලබා ගැනීමට විමල් වීරවංශ සුවිශේෂී සාධකයක් වුණා.
 
 
වාසුදේව නානායක්කාර, දිනේෂ්, ගම්මන්පිල ඇතුළු වමේ දේශපාලන කඳවුර නියෝජනය  කරන පිරිසත් ජාතික සංවිධානත් ඊට දායක වුණා. තුනෙන් දෙකේ බලය ලබා ගන්න විශාල කාර්යභාරයක් ඉටු කළා . 
 
විමල් වීරවංශ ඇමතිතුමා ප්‍රකාශ කළේ මහින්ද මහත්තයා එලවන්න නෙමෙයි. දේශපාලන වශයෙන් ජනාධිපතිවරයාව ජනාධිපතිවරයාව සන්නද්ධ කරන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. දැන් ඔය පින් මන්ත්‍රීකම් ගත්ත  පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනෙක් විමල් ඇතුළු දේශප්‍රේමී බලවේගවලට පහර පිට පහර එල්ල කරන්න හදනවා.
ප්‍රශ්නයක් වුණාම විසඳන්න ඕන. ජනාධිපතිට තිබුන පාර්ශව දෙක ගෙනල්ලා කතා කරන්න. අගමැති මහින්ද මහත්තයාටත් තිබුණා දෙපාර්ශවය ගෙනල්ලා කතා කරන්න. නමුත් එහෙම කළේ නෑ. ඒක කනගාටුදායක තත්ත්වයක්.'
 

 

 


 

 

 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්