තමන්ට හා ආණ්ඩුවේ ජාතිකවාදී නායකයින්ට පහර දෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට එරෙහි කල්ලියක් බව විමල් විරවංශ අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 
ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම සමතයකට පත්කර ගැනීම සඳහා අමාත්‍ය විමල් විරවංශ හමුවී සාකච්ජා කිරීමට ගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ඔහු එබව පැහැදිලිව ප්‍රකාශකර තිබේ.
 
එම සාකච්ජාව සහභාගී වූ අමාත්‍යවරයකු 'ද ලීඩර්' වෙත පැවසුයේ, 'ජනාධිපති හා අගමැති ආරක්ෂාකර ගනිමින් ආණ්ඩුව රැකගැනීම ගැනීම විමල් විරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමේ මුලික අරමුණ වී ඇති බවයි.
 
'' අපි මොනම හේතුවක් නිසාවත් ආණ්ඩුව දාලා යන්නේ නැහැ. මේක අපි හදපු ආණ්ඩුව. අපට ඕන ජනාධිපතිවරයා ශක්තිමත් කරන්න. අගමැතිවරයා ආරක්ෂාකර ගන්න. 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොත්තු ඉෂ්ඨ කරන්න. ඉතින් අපි ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න හදනකොට ෂොට් කට් වලින් අගමැති වෙන්න බලාගෙන ඉන්න අයට, ජනාධිපතිතුමා ෆේල් කරලා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන බලාගෙන ඉන්න අයට, එයාලගේ ගෝලයින්ට රිදෙනවා ඇති. එකට අපට කරන්න දෙයක් නැහැ. '' අමාත්‍ය විමල් විරවංශ වැඩිදුරටත් අවධාරණය කර සිටිබව අප වෙත තොරතුරු ලබාදුන් අමාත්‍යවරයා පැවසිය. 
 
''විමල්ලා ආණ්ඩුවෙන් යන්නේ නැහැ. එයාලට ජනාධිපතිතුමා බැක් කරන බව පේනවා..'' එම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
කෙසේවුවද පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ බැසිල් රාජපක්ෂට මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇති බවයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පොහොට්ටු මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවකදී එබව අවධාරණය කර සිටියේය.
 
 
############ 
 

The Leader TV  

 

ජනපතිගේ සහාය විමල්ට ?

2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්