මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය ලබාදීමට තමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡා කොට තීන්දු කර ඇතැයි
පෙබරවාරි 09 වෙනිදා පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බව සති අන්ත 'අනිද්දා' පුවත් පත සිය ප්‍රධාන සිරස්තලෙන් යුතුව වාර්තා කර තිබේ.
 
ඉදිරියේ දී පැවැත්වෙන ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චෝදනා වලින් ආරක්ෂාවීම වෙනුවෙන් භූමදානය සඳහා අවසර දීම ඇතුළු තීන්දු කීපයක් ගත් බව එහිදී අගමැතිවරයා කියා තිබේ.
 
 එම තීන්දුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූමදානය පිළිබඳ විමසීමට පත්කර ඇති කමිටුවට දැනුම් දී එම කමිටුවේ තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබී ඇත. 
 
කොවිඩ් -19 ජලයෙන් බෝ නොවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබියදී භූමදානය සඳහා අවසර නොදෙන්නේ දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ විමසීමේ දී, භුමදනයට අවසර දෙනවා යැයි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
 
 එම ප්‍රකාශයට ස්තුති කරමින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණ.
 
ImranTw
 
 
 
 
මළසිරුරු ආදාහනය තවදුරටත් :
 
කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම තවදුරටත් වලංගු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ 'අනිද්දා' කළ විමසීමකට පිළිතුරු දෙමින් පවසා තිබේ.
 
ඒ, කොවිඩ් මරණ භුමදනයට අවසර ලබා නොදෙන බව සඳහන් කරමින්, 2020 අප්‍රේල් 11 වන දා නිකුත් කර ඇති 20170/8 යන ගැසට් පත්‍රයට අනුව බව ඔහු පවසයි.
 
 සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් නිකුත් කළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම දක්වා දිගටම කොවිඩ් මරණ ආදාහනය කරන බවද ඔහු අවධාරණය කර තිබේ.
 
පෙබරවාරි 10 වැනි දා පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා කොවිඩ් මරණ භුමදනයට අවසර ලබා දෙන බව ප්‍රකාශ කළ පමණින් එය වලංගු නොවන බව උපුල් රෝහණගේ අවධාරණයයි.
 
 දැනට රටේ ක්‍රියාත්මක වන නීතිය වන 2020 අප්‍රේල් 11 දින ගැසට් පත්‍රයේ ප්‍රකාරව ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට තමන් බැඳී සිටින බව කියන ඔහු අවධාරණය කරන්නේ, පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට අනුව කොවිඩ් මරණ භූමදාන කිරීමට ක්ෂේත්‍ර නිලධාරී අවසරයක් නැති බවයි.
 
කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග පසුගියදා පවසා ඇත්තේ, පකිස්තානු අගමැති මෙරටට පැමිණීමට පෙර කොවිඩ් මරණ භුමදනයට අවසර දීමට ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇති බවයි.
 
 
 
පකිස්තානු අගමැති එනදා විරෝධතාවයක් ?  
 

imran khan 2021.02.12 1

කොවිඩ් අසාදනයෙන් මියයන මුස්ලිම්වරුන් භුමදානයට කිරීමට අනුමැතිය දෙමින් පෙබරවාරි මස 23 වනදාට පෙර  රජය විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් නොකළහොත්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් තීන්දු කර ඇතැයි වාර්තාවේ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරට පැමිණෙන දිනයේ දී එම විරෝධතාව පැවැත්වීමට මේවනවිට සැලසුම්කර තිබේ.
 
කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අගමැතිවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
 
 
සබැඳි පුවත් :
 

 

 

 


 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්