සිංහල සිනමාවේ සිහින කුමරා ලෙස විරුදාවලිය ලත් විජය කුමාරතුංග ඝාතනය කර පෙබරවාරි 16 වැනි දිනට  වසර 33 ක් සපිරෙයි.
 
 
ජනතා විමුක්ති පෙරමුණ විසින් හෝ හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ කුළී මිනිමරුවන් විසින් හෝ විජය ඝාතනය කරන ලද්දේ 1988 පෙබරවාරි 16 වැනිදා ය.
 
එසේ නොවන්නට ඔහුට මේ රටේ විධායක ජනාධිපති ධූරයට පත්වන්නට හොඳටම ඉඩ කඩ තිබුණි.
 
මිනිසුන් අතරින් නළුවන් සොයාගත හැකි වුවද නළුවන් අතරින් මිනිසකු සොයාගන්නවා නම් ඒ විජය කුමාරතුංග බව ප්‍රකට මතයකි.
 
1986 වසරේදී ජෝතිපාලයන්ගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් උපහාර උත්සවයක් පැවතුනේ මහනුවර ය.
 
සිනමා ලෝකයේ තමන්ට ගීතමය හඬ දුන් මේ අසහාය ගායකයාට උපහාර පුදන්නට විජය කොළඹ සිට මහනුවරට ඒ වෙනුවෙන්ම පැමිණියේ ය.
 
මෙහි දැක්වෙන්නේ එම දුර්ලභ වීඩියෝවයි.
 

 
මනුස්සකමින් පිරිපුන් විජය කුමාරතුංග නම් වූ මේ අසහාය යුග පුරුෂයාගේ හඬින් ගැයූ ගීත කිහිපයක් මෙහි දක්වන්නේ ඔහුට කරන උපහාරයක් වශයෙනි.
 

 
සබැඳි පුවත් :
 
 
 

 

 


 

 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්