ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හිමිකම සහිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදීන් එරෙහිව සිටිය දී එම සංශෝධනය සම්මතකර ගැනීමට
මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ සමත්වූ අතර එසේ සහය ලබාගැනීමට දුන් පොරොන්දුව ඊයේ දිනයේ අනාවරනයවිය.
 
 
 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පවසන්නේ, කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව පැවසූ බැවින් තමන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ බවයි.
 
එළෙස 20වන සංශෝධනයට සහාය ලබා දුන්නේ මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසර් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ අන්වර් ෂාමෙඩ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
 
 මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් කාසිම් මෙසේ පැවසිය.
 
 

 
 
කෙසේවෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කළේ මෙම මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් සහ මහජනතාවගෙන් සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදීමට තීරණය කළ බවයි. 
 
 
 

 
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව ඊයේ රැස්වු අතර එහිදී විස්සට සහාය පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹි ඇත. ඒ සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්