රජය ආනයන තහනමක් පනවා තිබියදී කර්මාන්ත අමාත්‍යාංශය මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව එම සමාගම ටයිල් ආනයනය කර තිබේ. 
 
කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ II) එස්.එම්. අශෝක කුමාරගේ අත්සනින් 2021 ජනවාරි 07 වැනිදා නිකුත් කරන ලද නියෝගයක් මගින් ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය මෙරට ගෙන්වීමට අවසර ලබා දී ඇත්තේ ඇල්ට්‍රා රූෆින් ලංකා  (ULTRA ROOFING ENGINEERING (PVT) LTD IN KATTANKUDY) සමාගමටය.
 
 
2020 අප්‍රේල් 16 වැනිදා මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් තහනම් කර ඇති ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය සඳහා මෙලෙස අවසර ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 51,408කි (රුපියල් 9767500කි). අදාළ සමාගමට මෙම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දෙන ලෙස අධ්‍යක්ෂවරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.
 
 
 
රජයේ ප්‍රතිපත්තියට පටහැණිව කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම ආනයන අවසර ලබාදීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිටගෙන් ‘අරුණ’ පුවත්පත කළ විමසීමක දී ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, මෙම කටයුත්තට මැදිහත්වූ සියලුම පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි.
 
‘‘මම ලේකම් ධුරයේ වැඩ බාරගත්තේ ජනවාරි තුන්වැනිදා. මේ ලියුම යවලා තියෙන්නේ ජනවාරි හත. අපි පහළ ඉන්න නිලධාරීන්ට බලතල පවරා තිබුණට මේ වගේ කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ පිළිබඳව ඇමැතිතුමන් දැනුවත් කළා. මේ ලිපියේ සඳහන් වෙනවා සීයට හතළිහක විතර අගය එකතු කළ බද්දක් මේ සඳහා අය කෙරෙනවා කියලා. ඒක කිසිසේත්ම පිළිගන්න පුළුවන් අගයකුත් නෙමෙයි මේ ගැන වහාම අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වලා වගකිවයුතු සියලු දෙනාටම එරෙහිව පියවර ගන්නවා යැයි අමාත්‍යංශ ලේකම් කියයි.
 
 
(මුලාශ්‍රය :අරුණ -නයන තරංග ගමගේ)

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්