පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරියට ඉක්මන් සුවය පතා ආශිර්වාද සෙත් පිරිත් පිංකමක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ බුදුමැදුර අසල දී සිදු කළ බව ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ  විසින්
අද (15) නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.       
 
ඇමතිවරිය ඇතුළු ලක්වාසී සහ ලෝකවාසී සියළු ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම අරමුණූ කොට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු සංගමය හා ප්‍රවාහන අංශයේ සංවිධානයෙන් මෙම පිංකම සංවිධානය කර තිබී ඇත. 
 
මෙම ආශිර්වාද සෙත් පිරිත් පිංකමෙහි අනුශාසකත්වය දරා ඇත්තේ, මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනෙහි (ඔඩේ පන්සල) ස්වාමින්ද්‍රයන් වහන්සේලාය.
 
සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂතා නිලධාරින්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සෙත් පිරිත් පිංකම සිදුකර තිබේ.
 
WhatsApp Image 2021 02 15 at 13.08.19
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කෝවිඩ් ආසාදනය වුයේ, ජනවාරි 22 වැනිදාය. 
 
කොවිඩ් ගැන සැකයක් මතුවූ වහාම ඇය කොග්ගල නිරෝධයන හෝටලයකට ගොස් තිබිණ.
 
ප්‍රතිකාර සඳහා ඇයව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළා යයි වාර්තා වුයේ ජනවාරි 29 වැනිදාය.
 
 ඊට පෙර ඇය ප්‍රතිකාර ගෙන තිබුනේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේය.
 
 
 
 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්