තමා විපක්ෂයට එක්වන බවට විපක්ෂයේ ඇතැමුන් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් 
 
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ පවසන්නේ, බංකොලොත් දේශපාලනයක නිරත වීමට කිසිදු අදහසක් නැති බවත්, තම අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කර සිටින බවත්ය.
 
ඔහු එම කාරණය සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
 
ඇමති විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදීන් බැසිල් රාජපක්ෂ පාර්ශවයට එරෙහිව සිදුකරන අදහස් දැක්වීම් හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, මෙරට ප්‍රබල විපක්ෂයක් නිර්මාණය වීමේ පසුබිමක් ඇතිවෙමින් තිබෙන බවයි.
 
විමල් වීරවංශ ඇමතිවරයා ඇතුළු පිරිසේ හැසිරීම මගින් පෙනෙන්නේ එම පෙරමඟ සලකුණු බවත් ඒ අනුව ඉදිරියේ දී මෙරට ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක් නිර්මාණය වන බවත් ඔහු සඳහන් කරයි.
 
එසේම, සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායිකා, හිටපු මන්ත්‍රීනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, අමාත්‍ය විමල් වීරවංශ තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර වෙත එක්වීම ස්ථිර වශයෙන් ම සිදුවන බවයි.
 
එය අද හෙට නොවුණ ද ඉදිරියේ දී අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි ද ඇය කියා සිටියාය.
 
 
'විපක්ෂයට ජැක් ගහන්න අදහසක් නැහැ' 
 

148133399 3560091504108644 6100442618790629897 n

 
මෙසේ සජබ ප්‍රධානීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්  අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනේ මෙසේ සඳහන් වේ.
 
''හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත…
 
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි.
 
ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. 
 
විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.
 
 
අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබු 69 ලක්ෂයේත් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ථ ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. 
 
 
 
ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අප හට එල්ල කල ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණු වල වෙනසක් නොවන බවද විශ්වාසයෙන් යුතුව කියමි.
 
අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනාටම සංවේගය පල කරමි…
 
 
 
'ජනාධිපතිට දේශපාලන බලය දිය යුතුමයි' - විමල් යළි අවධාරණය කරයි   
 
 
මේ අතර උත්සව සභාවක් අමතමින් අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ, පවතින වත්මන් අභියෝගය ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බවයි. සෑම අතින්ම ශක්තිමත් කිරීමේ යනු දේශපාලන අතින් ද ශක්තිමත් කිරීම බව ඔහු යළි යලිත් අවධාරණය කළේය.
 
මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරූ බව ඔහු එහිදී පැවසිය.
 
නමුත් වත්මන් ජනාධිපතිවරයා එවන් තනතුරක් නොදරන බවත් ජනාධිපතිවරයාට එවනි තනතුරක් ලැබිය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.
 
ජනාධිපතිවරයා අංගසම්පූර්ණ රාජ්‍ය නායකයෙක් වන්නේ එවිට යයිද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
 

 

 


 

 

 

 

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්