වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
සිය අමාත්‍යංශයට කැඳවා ඔහුගෙන් උපදෙස් ලබාගැනීමට නිහතමානී වීමේ පුවතක් අද (15) වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.
'දඹුල්ලෙන් නොනැවතී රට පුරා කෘෂි ගබඩා ජාලයක් හදන්න'
විපක්ෂයේ හිටියත් මගේ නායකත්වයෙන් දඹුල්ලේ පටන් ගනිපු ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් නිම කරවා ගන්න මම උපරිම උත්සාහයක් ගන්නවා. මෙහි ඉදිකිරීම් බලන්න මම පසුගියදා දඹුල්ලට ගියා.
එවිට මම රජයට පෙන්වාදුන්නේ මෙහි ඉදිකිරීම් වලට සමගාමීව ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මගේ අදහස් ලබාදීමට අවස්ථාවක් මා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහු අද උදෑසන අවස්ථාව ලබාදුන්නා. එයට මා ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආහාර කොමසාරිස්තුමිය, ගොවි සමුපාකාර සංගමයේ සභාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් වන මගේ අදහස මා මෙහිදී පැහැදිලි කළා.
මා මෙහිදී, අවධාරණය කළේ මෙවැනි කෘෂි ගබඩා ජාලයක් රටේ ඇති කිරීමට මා සැලසුම් සකස් කර තිබූ බවත් දඹුල්ලේ කෘෂි ගබඩාව විවෘත කිරීමෙන් පසුව එම සැලසුමද ක්‍රියාත්මක කරන ලෙසයි.
ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !
බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි