ෆේස් බුක් කුලී හේවායෝ ලවා ආණ්ඩුවේ නායකයින්ට මඩ ගසමින් එකට ගමනක් යාමට පුලුවන් කියා හිතනවා
දැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය විමල් විරවංශ ගෙන් විමසා සිටියි.
 
ඔහු එසේ විමසා සිටියේ, අද (15) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 
අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍යයට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළ යුතු බවත්, එසේ නොවීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් ඔහු  ප්‍රකාශ කර සිටියේය.
 
 
''සන්ධානයක් ලෙස සන්ධාන පක්ෂ හැටියට අපි ඉතාම අවංක ගමනක් ඇවිත් තියෙන්නේ. අපේ පක්ෂයේ යටි අරමුණක් කිසිවක් කවදාවත් තියෙලා නෑ. 
 
මේ රටට දියුණු කරලා නව බලාපොරොත්තුවක් තබපු මේ 69 ලක්ෂයගේ සහ ඉතිරි ඡන්දායකයින්ට බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට ඇප කැපවෙනවා. අපේ පුද්ගලික බලලෝභිකමවලින් යන න්‍යාය පත්‍රයක් නෙවේ. මේ රට වෙනුවෙන් හා රටේ ජනතාවට ඉටුකර දෙන න්‍යාය පත්‍රයක් ලෙස. 
 
මේ ජනතාවට පොරොන්දු වූ බලාපොරොත්තු සියලු දේ ඉෂ්ඨ කරන්නට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මැතිතුමා මේ පක්ෂයත් ඇප කැප සිටිනවා ජනතාව ඉදිරියේ සපත කරනවා.'' යයි ද ඔහු පැවසිය. 
 
අමාත්‍ය විමල් විරවංශගේ වත්මන් දේශපාලන භාවිතාව ඔහු විසින් විග්‍රහ කරනු ලැබුවේ,  පොහොට්ටුවේ නායකත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට දරන උත්සහයක් ලෙසයි. ඒ සඳහා කිසිඳු ලෙසකින් ඉඩ නොතබන බව පොහොට්ටු ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
 

 
 
 
'ජනාධිපතිට දේශපාලන බලය දිය යුතුමයි' - විමල් යළි අවධාරණය කරයි   
 
මේ අතර උත්සව සභාවක් අමතමින් අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේ, පවතින වත්මන් අභියෝගය ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බවයි. සෑම අතින්ම ශක්තිමත් කිරීමේ යනු දේශපාලන අතින් ද ශක්තිමත් කිරීම බව ඔහු යළි යලිත් අවධාරණය කළේය.
 
මීට කලින් මෙරට සිටි සියලු රාජ්‍ය නායකයන් පවතින පාලන තන්ත්‍රයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන භූමිකාවක් දැරූ බව ඔහු එහිදී පැවසිය.
 
නමුත් වත්මන් ජනාධිපතිවරයා එවන් තනතුරක් නොදරන බවත් ජනාධිපතිවරයාට එවනි තනතුරක් ලැබිය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.
 
ජනාධිපතිවරයා අංගසම්පූර්ණ රාජ්‍ය නායකයෙක් වන්නේ එවිට යයිද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
 

 

 


 

 

 

ෆේල් ආණ්ඩුව භයවෙලා භූමිදානයට අතවනයි !

බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image