මෙරට සියලු ජනතාවට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමට කටයුතු කරන්නයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.
ඔහු එම ඉල්ලීම සිදුකරනු ලැබුවේ, කල්පිටිය නොරොච්චෝලේ පැවැති 37 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ජනතාව අමතමිනි.
 
''කෝවිඩ් 19 මර්දනය කිරීමේ එන්නත ලබාදීම තමයි අද රටේ තිබෙන ප්‍රමුඛතම කාර්යය. මේ රටේ ජීවත්වන ලක්ෂ 220 කට මේ එන්නත ලබා දෙන්නට ඕන.  අපි අහල තියෙන විදිහට දැනට අපිට ලැබිලා තිබෙන්නේ සීමිත එන්නත් ප්‍රමාණයක්. නමුත් ලක්ෂ 220 කටම මේ එන්නත ලබා දෙන්නට ඕන.'' ඔහු එහිදී පැවසිය. 

WhatsApp Image 2021 02 16 at 5.46.20 PM

 
 
අනෙක් රටවල එන්නත් ලබාදෙන හැටි ....
 
ලෝකයේ අනෙකුත් රටවල් මෙම එන්නත ලබාදෙන ආකාරය විපක්ෂනායකවරයා මෙසේ පැහැදිලි කළේය.
 
''ඇත්ත වශයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වල ආණ්ඩු ජනතාවට පැහැදිලි කරනවා එන්නත් ලබාදීමේ ක්‍රමවේදය. ඒකට කියන්නේ vaccine protocol කියලා. කොහොමද මේ එන්නත් ජනතාවට ලබා දෙන්නේ ? බොහෝ දුරට බොහෝ රටවල් වල ඒ ක්‍රමවේදයේ ඉදිරියෙන්ම සිටිනවා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්. ඒ වගේම corvid මර්දන බලකායන්ට සම්බන්ධ  සියලුම දෙනා. 
 
ඒ වගේම ආරක්ෂක අංශවල සාමාජිකයින්. මේ වගේ ප්‍රමුඛතා ලේඛනයක් හැදෙනවා. මේ කණ්ඩායම් වලට එන්නත ලබා දුන්නාට පස්සේ බොහෝ දුරට රෝගී තත්ත්වයන් වලින් පෙළෙන ජනතාව. ඒවගේම වයස් ප්‍රමාණ අනුව, යම් වයස් සීමාවකින් වැඩි ජනතාවට වැඩි ප්‍රමුඛතාවය. අන්න ඒ ආකාරයෙන් වයස් අනුව ප්‍රමුඛතාව හදනවා. 
 
 
 
මම දැනගන්න කැමති මොකක්ද අපේ රටේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය ? මොකක්ද vaccine  protocol එක ? මම  දන්නා ආකාරයට මේ මොහොත වෙන තෙක් අපේ රටේ ජනතාවට රජය ඉදිරිපත් කරල නැහැ එන්නත කොහොමද? කොයි ආකාරයට ද? මොන ක්‍රමවේදයට ද? මොන සුදුසුකම් අනුව ද ? ලබා දෙන්නේ  කියලා.  
 
 
ප්‍රථමයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ආරක්ෂක ක්ෂේත්‍රයේ, කෝවිඩ් මර්දන ක්ෂේත්‍රයේ යනාදී වශයෙන් ලබාදීලා ඉන්පසුව රෝගී තත්ත්වයෙනවයෙන් පෙලෙන ජනතාව, වයස්ගත ජනතාව, යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය ජනතාව වයස් අනුව ප්‍රමුඛතාවය සකස් කිරීම, රෝගී තත්වයන් වලින් පෙළෙන අසාධ්‍ය ලෙස රෝගාතුර වී සිටින ජනතාව මේ වගේ ක්‍රමවේදයක් තිබෙනවා ලෝකයේ බොහෝ රටවල් වලට.
 
 නමුත් මේක අපේ රටේ පේන තෙක් මානෙක නෑ. දැක ගන්නටත් නෑ .ජනතාවට කියලත් නෑ. ප්‍රසිද්ධ කරලත් නෑ. ඉතින් ඇත්ත වශයෙන්ම රටකට එන්නත් ලබා ගන්න කොට රජයේ වගකීම තමයි මේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය,  ලබාදෙන ප්‍රමුඛතා ආකාරය, ඒ නිර්ණායක හංගං ඉන්න නැතුව රටේ ජනතාවට ඉදිරිපත් කරන්නට ඕන. ඒක අද  ඉෂ්ට වෙලා නෑ. '' 
 
එන්නත ලබා දෙන ක්‍රමවේදය මොකක්ද ?
 
 
ඉතින් මේ එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය මම කියනවා රටේ ජනතාවගෙන් හංගන්නේ නැතිව සිද්ධියේ එළිපිට ප්‍රකාශ කරලා මොකක්ද ශ්‍රී ලංකාවේ corona vaccine protocol එක ? කොරොනා එන්නත ලබා දෙන ක්‍රමවේදය මොකක්ද ?කියලා රටට ඉදිරිපත් කරන්නට කියලා. 
 
රටේ ජනතාව දැන ගන්නට ඕන. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්.  සමාජය තුළ එකමුතු භාවය, සත්‍යවාදීත්වය, නිවැරදි තොරතුරු වලට, ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා...
කරන්න ඕන හැටි ....
 
 
එනිසා රජයෙන් ඉක්මනින්ම ඉල්ලීමක් කරනවා. අපිට අවශ්‍ය නෑ කෙටි පණිවිඩ වලින් දැන ගන්න "දැන් මේගොල්ලන්ට දෙනවා, දැන් මේ  අහවල් කොට්ඨාසයට දෙනවා "කියලා. එහෙම නෙමෙයි කරන්නට ඕන. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා මේ රටේ එන්නත් ලබා දෙන ක්‍රමවේදය, ඒ vaccine protocol එක කරුණාකරලා රටට හෙළි කරන්න කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
 

 


 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image