සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද (16) සිට ආරම්භ කර ඇතත්,
සමගි ජන බලවේගයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
එන්නත එලෙස ප්‍රතික්ෂේප කළ පිරිස අතර හරින් ප්‍රනාන්දු, මුජුබර් රහුමාන්, හේෂා විතාන, මනුෂ නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වෙති.
 
එන්නත  ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළකරමින්  මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ , තමා මන්ත්‍රී වරප්‍රසාදක් ලෙස කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බවයි.
 
තමන්ට වඩා පාසල් දරුවන්, ගුරුවරුන්, සනීපාරක්ෂක සේවකයින් වැනි සාමාජය සමග නිරන්තරව ගැටෙන විවිධ තලවල පිරිස්වලට මෙම එන්නතේ අවශ්‍යතාව ඇති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, තමාට ලැබෙන එන්නත එවැනි පිරිසෙන් අයෙකුට හෝ ලැබී එම පුද්ගලයා සුවපත් කළ හැකි නම්, එය තමාගේ ප්‍රාර්ථනය බවයි.
 
 
 
යුක්ති සහගත නැහැ - මුජිබර් 
 
මහජනතාව කොරෝනා වෛරසයට නිරාවරණය වී සිටිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විද ගැනීම යුක්ති සහගත නොවන හෙයින් ජනතාවට එන්නත ලබාදෙන තුරු තමා ද එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
 
කොරෝනා වෛරසයට වැඩිපුරම නිරාවරණය වන්නේ එදා වේල හොයාගෙන කන ජනතාව බැවින් මුලින්ම එන්නත ලබා දිය යුත්තේ එම ජන කණ්ඩායම් වලට බව කී රහුමාන් මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ පහසුකම් ඕනෑ තරම් තිබෙන බවද සඳහන් කළේය.
 
 
දේශපාලනඥයා යනු මහජනතාවගේ සේවකයායැයි ඡන්දය දිනවලදී වේදිකාවේ වචනවලින් කීවාට පමණක් ඵලක් නොවන අතර එය ක්‍රියාවෙන්ද ඔප්පු කොට පෙන්විය යුතු බව කී මන්ත්‍රීවරයා එක දිනක් වැඩ නොකළහොත් දරු පවුලක්ම බඩගින්නේ සිටින ජන ප්‍රජාවක් සිටියදී මන්ත්‍රීවරුන් කලින්ම එන්නත විද ගැනීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
 
වැඩ කරන ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද  එන්නත ලබා දුන් පසුව තමා එන්නත ලබා ගන්නා බවද මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
 
 
 
'මිලියනයකට දුන්නට පස්සේ මම ගන්නවා - හරීන් කියයි 
 
මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද පැවසුයේ, මේ අවස්ථාවේදී තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බවයි. 
 
 සිය ටිවිට්ර් සටහනක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අවම අවශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදුකිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමට කටයුතු කරන බවයි.
 
" මම දැන්ම කෝවිඩ් එන්නත ලබා නොගනිමි. අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ප්‍රමුඛ පෙළේ සේවකයින්ට එන්නත් කිරීමයි. අවම වශයෙන් පුද්ගලයින් මිලියනයකටවත් එන්නත ලබා දීමෙන් පසුව එම එන්නත ලබා ගැනීමට කටයුතු කරමි" යැයි සිය ට්විටර් සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසා සිටියි.
 
Harin Tw
 
 
 
 
එන්නත් කිරීම හමුදා රෝහලේ දී :
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීම නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී අද පෙරවරුවේ ආරම්භ විය.
 
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, දින 4ක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව 16, 17, 18 සහ 19 යන දිනවලදී මෙම එන්නත පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ඇත.
 
අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, තිස්ස අත්තනායක, දිලිප් වෙදආරච්චි යන මන්ත්‍රීවරු පිරිසක් අද පෙරවරුවේ එන්නත ලබා ගත්හ.
 
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, මෙරට සියලු ජනතාවට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමට රජය කටයුතු කටයුතු කළ යුතු බවයි. ඔහු එබව සඳහන් කළේ කල්පිටිය නොරොච්චෝලේ පැවැති 37 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ජනතාව අමතමිනි.

'මම නම් කොරෝනා එන්නත ගහගන්නේ නැහැ' කියු රතන හිමි හැමෝටම කලින් එන්නත ගහගත්තා ද ?

 

 


 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58