පසුගිය වසරේ මැයි - ජූනි මාසවල විශ්‍රාම ගිය රජයේ සේවකයින්ට තවමත් ඔවුන්ට හිමි විශ්‍රාම ගෙවා නැතැයි වාර්තා වේ.
 
 
මෙම ඇතැම් රජයේ සේවකයින් ගේ පවුල්වලට ඇති එකම ආදායම් මාර්ගය අදාළ විශ්‍රාමිකයා වන අතර ආදායම් අහිමි වූ මෙම පවුල්වල සාමාජිකයන් ජීවත්වන්නේ කෙසේද යන්න ගැන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාටවත් එහි සේවකයින්ටවත් කිසිදු හැඟීමක් නැතැයි විශ්‍රාමිකයෝ පැමිණිලි කරති.
 
දුරකථනය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇමතූ විට පවසන්නේ මාස ගණනකින් තවම ලිපිවත් කඩා නැති බවයි.
 
මාස ගණනක් තිස්සේ සත පහක ආදායමක් නැතිව සිටින මේ මිනිසුන් කන්නේ බොන්නේ කෙසේද, දරුවන් ඔන්ලයින් පංතිවලට සහභාගි කරවන්නේ කෙසේද යන්න හැන බලධාරීන් කිසිදු තැකීමක් නැති බව පෙනේ.
 
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම වැටුප් ගෙවීම් ඉක්මන් කරනවාට වඩා අවධානය යොමු කර ඇත්තේ කොරෝනාවෙන් බේරීමට බව විශ්‍රාමිකයින් නගන චෝදනාවයි.
 
අවම වශයෙන් විශ්‍රාම වැටුප් සකස් කරන තුරු කිසියම් හෝ මාසික දීමනාවක් මෙම විශ්‍රාමිකයන්ට ලබා දීමට රජය කටයුතු කරනු තබා ඒ ගැන සිතා බැලීමක් වත් කර නොමැත.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගම සමග පිළිසඳරක යෙදෙන අතරතුර මෙම විශ්‍රාමිකයන් හා පිළිසඳරේ යෙදෙන්නේ නම් තම ජීවිත කඩා වැටී ඇති ආකාරය ජනාධිපතිවරයාට පැහැදිලි කරදිය හැකි බව මෙම විශ්‍රාමිකයෝ පවසති.

 

 

 


 

 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්