නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු ලාංකිකයන් එකසිය හැත්තෑ නම දෙනකු
මේ වසරේ ගත වු මාස එක හමාරක කාලය තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ තිබේ.
 
 බටහිර, නැගෙනහිර, උතුර, වයඹ, උතුරුමැද සහ දකුණු, නාවික විධාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් 179 ක්, ධීවර යාත්‍රා 42, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.
 
 මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 19 ත් 67 ත් අතර වයසේ පසුවන අයවලුන් වේ.
 
 ඔවුන් මන්නාරම, පල්ලේකුඩා, පුනරීන්, චුන්නාගම්, වංකාලේ, නච්ච්කුඩා, බෝගස්වැව, වෙඩිතලතිව්, අරිප්පු, උප්පුවේලි, සල්ලිසාම්බල්තිව්,කල්පිටිය, මීගමුව, කන්දක්කුලිය, කුඩාව, පුත්තලම, නොරෝච්චෝලේ, වෙන්නප්පුව, වාද්දූව, දික්වැල්ල, ගන්දර, ඉරනවිල, ජා ඇල, අලව්ව හම්බන්තොට, යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ය.
 
 මෙම පුද්ගලයන්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මන්නාරම, පේසාලේ, සිලාවතුර, කල්පිටිය, පුත්තලම, හම්බන්තොට, කිලිනොච්චිය සහ යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාල වෙතත්, පිටකොටුව සහ දික්වැල්ල පොලිස් ස්ථාන වෙත මෙන්ම පදවිය ජලජීවී සංවර්ධන අධිකාරිය වෙතද භාරදීමට කටයුතු කඛ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
 
ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළුව තහනම් පන්න ක්‍රම යොදාගෙන මාළු බෑමේ යෙදෙන විදේශීය ධීවරයන් සම්බන්ධයෙන් ගන්නා ලද පියවර නාවික හමුදා නිවේදනයේ නොදැක්වේ.  
 
 
 
වලංගු ධීවර බලපත් නොමැතිව ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී දැල් භාවිතා කිරීම, බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කර්මාන්තයේ නියැලීම, නීති විරෝධී ලෙස මෝර වරල් ලඟ තබා ගැනීම, අනවසර ධීවර කටයුතු සිදු කිරීම, නීති විරෝධී ලෙස හක් බෙල්ලන් හා මුහුදු කූඩැල්ලන් ලඟතබා ගැනීම සහ කැස්බෑ බිත්තර අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කිරීම යන හේතූන් මත මෙම පුද්ගලයන් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
 
 
 
කැස්බෑ බිත්තර:
 
eggs 
 
ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් සිටින සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයට මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි.
 
ලොව පුරා සාගරවාසී කැස්බෑ විශේෂ 7ක් හදුනාගෙන ඇති අතර එයින්  විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී එන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
 
 ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් ලෙස බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් හදුනාගෙන තිබේ.
 
 ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියේ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන්  නීතියෙන් සපුරා තහනම් වේ.
 
 එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරතවෙන වැරදිකරුවන්ට ලබාදිය යුතු දඬුවම්  දක්වා තිබේ.
 
 ඒ අනුව වරදකරුට රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකම නියම කළ හැකිය.

 

Navy sl 1

Navy sl 2

Navy sl 3

 


 

 

 

ජොන්ස්ටන් කෙනෙකු නොවී කැරලි ගහන විමල්ගේ ඉරණම?

 

සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්