පුජ්‍ය රතන පාර්ලිමේන්තු හිමියන් විසින් මිට ඉහත දී මිනීමරු පාතාල නායකයෙකු ලෙස හැඳින්වූ

 'අපේ ජන බල පක්ෂයේ' සභාපතිට උන්වහන්සේගේ ම සුරතින් ම පසුගියදා "දේශමාන්‍ය" ගෞරව නාමයක් පිරිනමා තිබේ.

 
අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පාතාල නායකයෙක් ලෙස ප්‍රසිද්ධ මිනි මැරුම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවට පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් මීට පෙරදී මධ්‍ය හමුවේ හෙළිදරව් කර සිටියහ.
 
''පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම් වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමාව ජාතික ලැයිස්තුවට නම් කරගෙන තියෙනවා. මේක වලක්වන්න ඕනේ. '' යයි  'අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අයිතිවාසිකම් කියමින් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය පක්ෂයෙන් ක්‍රියාකාරීන් වෙත එදා දැනුම්දීමක් කර තිබුනේ මෙසේය. 
 

 
කෙසේ වෙතත් පසුගිය ඉරිදා දින (14) පූජ්‍ය අතුරලියේ රතන හිමි සුරතින් සමන් පෙරේරා වෙත දේශමාන්‍ය ගෞරව නාමයක් ලබා දී ඇති බව වාර්තා වේ.
 
එම සම්මානය ලබා දීම සඳහා සම්බන්ධීකරණයෙන් දායක වී ඇත්තේ ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ බිරිදයි.
 
අදාළ සම්මානය ලැබීමෙන් පසු සමන් පෙරේරා විසින් Facebook සටහනක් ද යොදා තිබුණි. ඒ මෙසේය.
 
 3d88fdfa 0901 4770 8b1f 07bf2b76b6d4

 


 

 

 

 

කාති උසාවියේ වෙනස් කතාවක්! සබ්‍රිවාදයට ආවඩන රතනාලංකාරය 

 

බිම්ශානිගේ තනතුර ගලවන්න වළිකන පොලිස් ලොක්කගේ සුදු කළු පුත්තු

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්