ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'නවාස්' නැමැත්තා තමිල්නාඩු පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙන නමුත් ශ්‍රී ලංකා පොලිසිය ඒ බව වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව ‘ද ලීඩර්’ වෙත වාර්තා වේ. 
 
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩු පොලිසියේ Q Branch නම් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසිනි. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගියදා මාධ්‍ය හමුවේ පවසා සිටියේ, මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා මත්‍ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ඉන්දියාවේ ජාත්‍යන්තර පොලීස් ශාඛාව විසින් නිල වශයෙන් දැනුම් දුන් බවය.
 
ඒ අනුව සැකකරු මේ වන විට ඔහුව මධුරේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා තබා ගෙන සිටින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
 
 
නියෝමාල් රංගජීවට වෙඩි තැබීමේ සිද්ධිය :
 
නවාස්, 2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකේ.  
 
2017 මැයි 9 වන දින පොලිස් නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි. 
 
එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු තවත් නිලධාරියෙක් තුවාල ලැබීය.
 
එමෙන්ම එම සිද්ධියෙන් දරුවන් තිදෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට පත්විය. 
 
එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගනු ලැබීය.
 
එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු අතර, අපරාධකරුවන්ට තොරතුරු ලබාදීම යන චෝදනා ඔහුට එල්ල වී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා පොරුතොට හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු ලෙස වාර්තා වී තිබේ.
 
ඉදිරියේ දී සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ කටයුතු සුදානම් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 

 
නවාස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානියෙකු වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ සමීපම හිතවතෙකු වන බවත්, පිළියන්දලදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරය මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට රටින් පැනයාමට උපකාර කර තිබෙන්නේ එම නියෝජ්‍ය පොලිස්පති බවත් පොලිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
 
එම නියෝජ්‍ය පොලිස්පතිට අයත් පමුණුගම පිහිටි සුපිරි හෝටලයේ සිට නවාස් දුරකතනයෙන් එම ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තමන්ගේ ප්‍රබලම එදිරිවාදියෙකු වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතනය කිරීම සඳහා බවද එම ආරංචිමාර්ග මාර්ග වැඩිදුරටත් පවසයි.
 
පොලිස් ආරංචිමාර්ග පවසන අන්දමට මාකඳුරේ මධූෂ් මෙන්ම නියෝමාල් රංගජීවට ද කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබිණ. 
 
ඉහත සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමුණුගම හෝටලය වෙනුවෙන් මුදල් දී තිබෙන්නේ මාකඳුරේ මධූෂ් බවට එකල රාවයක් පැතිර තිබිණ.
 
මාකඳුරේ මධූෂ් මාතර පළාතේ පොහොට්ටු දේශපාලකයෙකුගේ පුතාගේ මංගල උත්සවයේ බර පැන දැරූ අන්දම ගැන මෙන්ම වත්තල ප්‍රදේශයේ එජාප දේශපාලකයෙක් මධූෂ්ගේ පිහිටෙන් ‘සැප ගැනීමට’ නිතර නිතර ඩුබායි ගිය අන්දමත් සමාජ මාධ්‍ය එකල වාර්තා කර තිබිණ.
 
පොලිසිය විසින් ඝාතනය කිරීමට පෙර මාකඳුරේ මධූෂ් මේ සියලු රහස්, රහස් පොලිසියට හෙළි කර තිබු බවක්  විපක්ෂයේ  ඇතැම් මන්ත්‍රීවරුන් එම ඝාතන සිද්ධියෙන් පසු ප්‍රකාශ කර තිබිණ. 
 
නවාස්, රංගජීවට පිළියන්දල ප්‍රහාරය එල්ල සමයේ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, මේවනවිට රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. 

 

 

 


 

 

 

 

 

කාති උසාවියේ වෙනස් කතාවක්! සබ්‍රිවාදයට ආවඩන රතනාලංකාරය 

 

බිම්ශානිගේ තනතුර ගලවන්න වළිකන පොලිස් ලොක්කගේ සුදු කළු පුත්තු

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්