රජයේ සියලු ම ටෙන්ඩර් ගනුදෙනු හා ආයෝජන ව්‍යාපෘති එක් කමිටුවක් හරහා සිදුකිරීමේ යෝජනාවක්
අගමැති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත. ඒ මුදල් අමාත්‍යවරයා ලෙසය. 
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී . ජයසුන්දර විසින් කෙටුම්පත් කර ඇතැයි වාර්තාවන මෙම කැබිනට් පත්‍රීකාව මගින් යෝජනා කර ඇත්තේ, රජයේ සියලු මුල්‍ය ගනුදෙනු හා ආයෝජන ටෙන්ඩර් කටයුතු කඩිනම් කිරීම විශේෂ කමිටුවක් හරහා සිදුකිරීම වඩාත් පලදායක හා කාර්යක්ෂම බවයි. 
 
Fast Tracking Investments ලෙසින් එම යෝජනාව ඉදිරිපත්ව ඇත. 
 
කැබිනට් පත්‍රීකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර ඒ ගැන අනෙකුත් අමාත්‍යවරුන්ගේ අදහස් දැනගැනීම සඳහා අදාල යෝජනා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙත දින කිහිපයකට පෙර ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
 
එසේවුවද  පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වීමට සුළු මොහොතකට පෙර අදාල කැබිනට් පත්‍රීකාව පෙන්නා එය කඩිනමින් සම්මත කරගැනීමට උත්සහ දැරීම ඇතැම් ඇමතිවරුන්ගේ සැකයට භාජනය වී ඇත.
 
එසේම කැබිනට් පත්‍රීකාව ඉංග්‍රීසි යෙන් පමණක් ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් ද ඇතැම් ඇමතිවරුන් ප්‍රශ්නකර තිබේ. 
 
මෙම කැබිනට් පත්‍රීකාව හරහා අමාත්‍යංශ සතු වගකීමක් පැහැරගැනීමකට ලක්වන බවට ඇතැම් අමාත්‍යවරුන් සැක මතුකර ඇත.
 
එම තත්වය යටතේ මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට සතියක කාලයක් ලබාදෙන ලෙස ඇමතිවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇති අතර ජනාධිපති ඊට අනුමැතිය දී තිබේ. 
 
 
 
සුපිරි කමිටුවේ සාමාජිකයින්:
 
 
අදාල කැබිනට් පත්‍රීකාවෙන් යෝජනා කර ඇති සුපිරි කමිටුවේ සාමාජිකයින් මෙසේය.
 
1. එස්.ආර්. ආටිගල - මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා  භාණ්ඩාගාර ලේකම් (සභාපති)
 
2. නිමල් පෙරේරා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්
 
3. වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරිය 
 
4. එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ – කම්කරු අමාත්‍යාංශයේ ලේකම් 
 
5. ආර්.එම්. පී. රත්නායක - නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්
 
6. සංජය මොහොට්ටාල - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති 
 
7. පී.ඒ.එස්. අතුල කුමාර. - අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව. 
 
8. විශාකා අමරසේකර - අධ්‍යක්ෂ ජනරාල්, විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව
 
 
මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ මෙම කමිටුවේ සියලු දෙනාම ජනාධිපති ලේකම්ගේ අන්තේවාසිකයින් බවයි. 
 
 
SCARC ව්‍යාපෘතිය වෙනත් මුහුණුවරකින් :
 
 
මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසුයේ පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව 2014 දී ක්‍රියාත්මක වූ SCARC (special Cabinet Appointed Review Committee) වැඩපිළිවෙල ම වෙනත් අකාරයකින් ක්‍රියාත්මක කිරීමට දරන උත්සහයක් බවයි.
 
2014 දී එසේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ආයෝජන පිලිබඳ විමර්ශන කමිටුව (SCARC) ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන ව්‍යාපෘති 298කට අනුමැතිය ලබාදුන් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
 
ආචාර්ය පී.බී. ජයසුන්දර එකල මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටියදි මෙම SCARC විශේෂ කමිටු යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර සම්මත කර ගනු ලැබුවද ඔහුගේ යෝජනාවක් අනුව එම කමිටුවේ සභාපති ලෙස අගමැති ලේකම් අමරසේකර පත්කර තිබිණ. 

 

cabinet Memorundum

 


 

 

 

 

 

කාති උසාවියේ වෙනස් කතාවක්! සබ්‍රිවාදයට ආවඩන රතනාලංකාරය 

 

බිම්ශානිගේ තනතුර ගලවන්න වළිකන පොලිස් ලොක්කගේ සුදු කළු පුත්තු

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්