අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 12ක නියෝජිතයින් අද (19) සවස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමට නියමිතව ඇතැයි වාර්තාවේ.
 
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටු පක්ෂයේ නියෝජිතයින් හැර අනෙකුත් සියලුම පක්ෂවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වීමට නියමිත බවත් එහිදී ජනාධිපතිවරයාට ආණ්ඩුවේ දේශපාලන බලය අතට ගන්න ලෙස යෝජනා කිරීමට අදහස් කර සිටින බවත් පැවසේ.
 
පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය විමල් විරවංශ අතර බරපතල මතභේදයක් හටගෙන තිබෙන අවස්ථාවේ විමල් ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයා හමුවීමට කණ්ඩායමක් ලෙස සහභාගිවීම සුවිශේෂී කාරණයකි.
 
 
 
ගැටුමට මුල ?
 
බැසිල් - විමල් අතර ගැටුමට පසුබිම සැකසුණේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට ආණ්ඩුව ගෙනගිය ක්‍රියාකලාපය හරහාය. 
 
 
මෙහිදී නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමග හවුලේ පවත්වාගෙන යාමට ආණ්ඩුවේ ඇතැමුන් දැරූ උත්සාහය පරාජය කිරීම සඳහා කැබිනට් ඇමැතිවරයකු වන විමල් වීරවංශ සිය නිල නිවසේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් කැඳවා පැවැත්වූ සාකච්ඡාව මෙම බෙදීමට බලපෑ ආසන්නම සිද්ධියයි.
 
ඒ හරහා ආණ්ඩුවේ ප්‍රධානීහුද පෙරළා විමල් කැබිනට් සාමූහිකත්වය කඩ කරමින් කටයුතු කරන බවට චෝදනා එල්ල කළහ.
 
 විශේෂයෙන්ම පොහොට්ටුවේ මහලේකම්වරයා වූ නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව රටට කියා සිටියේය.
 
 
 
විමල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය !
 
මෙය ආණ්ඩුව ඇතුළේ බරපතළ ගැටුමක් බවට පත්වූයේ අමාත්‍ය විමල් විරවංශ 'ඉරිදා ලංකාදීප' පුවත්පතකට ලබාදී තිබූ ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවත් සමඟය. 
 
 
 
එම පුවත්පත් සාකච්ඡාවේදී ඇමති විමල් මෙසේ අවධාරණය කර තිබිණ.
  
“ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටට විශේෂ සේවයක් කරපු අයෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා භාරගත්තට පස්සෙ දේශපාලන ක්ෂේත්‍රයේ එතුමා ඉන්නෙ අත්දැකීම් බහුල චරිතයක් ලෙස නෙමෙයි. එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබාදීම. එතුමා එහෙම ගෙන්වන්නෙ නැතිව එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි කිරීම සුදුසු නෑ. ඒකෙන් වෙන්නෙ මන්ත්‍රිවරු සහ එතුමා අතර තිබෙන සම්බන්ධකම දුර්වල වෙන එක. මට තේරෙන්නෙ නෑ මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදෙන්නෙ කවුද කියල…”
 
“ආණ්ඩුවේ ගමනේ සතුටු වෙන්න පුළුවන් ගොඩක් පැති තියෙන අතරේ අසතුටු වෙන්න කාරණාත් තියෙනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීම සඳහා ආණ්ඩුවට සිදුකරමින් සිටින විශාල හානිය අපි හොඳින් දකිනවා. ඒ පෞද්ගලික බල පෙරේතකම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදුකරමින් සිටින විනාශකාරී බලපෑම අපිට හොඳින්ම පේනාවා. ඒ පිළිබඳව අපිට විශාල කනගාටුවක් තියෙනවා…”
 
 
බැසිල් රාජපක්ෂට පක්ෂ හා විපක්ෂ ලෙස ආණ්ඩුව තුළ පැවති සිතල යුද්ධය, ඇමති විමල්ගේ එම ප්‍රකාශයත් සමග මේවනවිට කරලියට පැමිණ ඇත. 
 
 
බැසිල් - මෛත්‍රී හමුවක් : දයාසිරි බැලන්ස් කිරීමේ උත්සහයක් ?
 
මෙම ගැටුමේදී විමල්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමිවීම බැසිල් රාජපක්ෂගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි පැවසේ.
 
  
ඒ අනුව 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොළඹ නිල නිවසට ගොස් කළ සුහඳ කතාබහෙ දී මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.
 
මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න හා චාමර සම්පත් දසනායක ද එක්ව සිටිබව පැවසේ.
 
සුහඳශීලීව පැවති මෙම සාකච්ජාවේදී මහින්ද අමරවීර අමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂ අමතමින්, '' බැසිල් ඇමතිතුමා බලන්නකෝ අපේ නායකතුමාට අර පාස්කු කොමිසමෙන් ප්‍රශ්නයක් දාල තියනවා කියලා ආරංචියි. ඕව ගැන ජනාධිපතිතුමාට කියල වැඩක් නැහැ. අගමැතිතුමාට කියල වැඩකුත් නැහැ. ඔබතුමා  තමයි බලන්න ඕන. නිකන් අහක යන ප්‍රශ්නේ ..'' යයි පවසා ඇතැයි වාර්තාවේ.
 
ඒ අවස්ථාවේදී සිනාමුසු මුහුනිල් පිළිතුරු දී ඇති බැසිල්, කොහෙද මේ දයාසිරිලා අර කට්ටියත් එක්ක එකතුවෙලා මට ගහනවනේ. '' යයි පැවසු බවද සැලවේ.
 
''හරි හරි අපි එයා ගැන බලාගන්නම් '' දයාසිරි හා මෛත්‍රී හැර එතනසිටි සියලු දෙනාම එකහඬින් බැසිල්ට සහතික වී ඇතැයි ද වාර්තා වේ.
 
ජනාධිපතිතුමා එක්කත් මිටින් එකක් තියනවා නේද ? බැසිල්ගේ විමසීමට පිළිතුරු දී ඇති දයාසිරි පවසා ඇත්තේ ''ඔව් විමල්ලට සිකුරාදා එන්න කියල ජනාධිපතිතුමා කියල තියනවා. ඔක්කොම යාවි...'' කියාය.
 
''හරි හරි දයාසිරි එකට එවන්නේ නැහැ.. ඔබතුමා අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගැන බලාගන්නකෝ ..'' අමරවීර ඒ අවස්ථාවේදී සඳහන් කළ බව වාර්තාවේ.
 
කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ  විමසීමකදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පැවසුයේ විමල් ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවීමට යාම ගැන ගැන තමන් සතුටුවන බවයි. එය අතිශයින් ම වැදගත් බවද ඔහු කියා සිටියේය.
 
 දයාසිරි අමාත්‍යවරයා එම රැස්වීමට යාම වැලැක්වීමට තමා කිසිඳු ආකාරයකින් උත්සහ නොකළ බවත් ඔහු අවධාරණය කර සිටියේය. 
 

 

 


 

 

 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්