මින් ඉදිරියට ආණ්ඩුවේ දේශපාලන වැඩසටහන් වලට සක්‍රියව දායකවිමටත්, ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සමග අනිවාර්යයෙන්ම දෙසතියකට වරක් රැස්ව දේශපාලන තීන්දු තීරණ ගැනීමටත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළකර ඇත. 
 
ජනාධිපතිවරයා එවැනි එකඟතාවයක් පළකර ඇත්තේ, ඇමැති විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් අද (19) පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.
 
පස්වරු 4.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවතියේය.
 
මෙම අවස්ථාවට පහත සඳහන් පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියහ.
 
1- ජාතික නිදහස් පෙරමුණේ විමල් විරවංශ, 
 
2- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර, 
 
3- පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, 
 
4- වාසුදේවගේ නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෛද්‍ය ගයේෂාන්
 
5- ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ,
 
6-  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ,
 
7- එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්,  
 
8- 'අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි, 
 
9- ජාතික කොංග්‍රසය ඒ.එම්.ඒ. අතාවුල්ලා 
 
10-  යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරණතුංග පක්ෂයේ නියෝජිතයින් ද එම රැස්වීමට එක්ව සිටියේය.
 
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලින් මෙම අවස්ථාවට එක්ව නොසිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) , ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා වතු කම්කරු සංගමය හා ඊ.පි.ඩී.පී. යන දේශපාලන පක්ෂ 4 පමණි. 
 
 
 
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමග මත ගැටුමක පැටලී සිටින ඇමැති විමල් වීරවංශ ඇතුළු පක්ෂ 10 ක නියෝජිතයන් මෙම සාකච්ජාවේදී දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා පක්ෂ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී නිලධාරීන් කිහිප දෙනෙකු සමග රජයේ පරිපාලන කටයුතු පමණක් සිදුකිරීමට හේතුවෙන් බරපතල දේශපාලන අර්බුදයක් මතුව ඇති බවයි.
 
එම තත්වය තුල ආණ්ඩුවේ ම දේශපාලනඥයින් හා ජනාධිපතිවරයා අතර විශාල පරතරයක් ඇතිව තිබෙන බවත් එය වාසියට යොදා ගනිමින් ඇතැම් නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගනිමින් සිටින බවත් ඔවුන් මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාට පැහැදිලි කර ඇත. 
 
අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නායකත්වයේ දිගටම රැඳී සිටිය යුතු බවත්, ඔහුගේ නායකත්ව හා මගපෙන්වීම තමන් සියලු දෙනා එකහෙලා පිළිගන්නා බවත් මෙහිදී පවසා ඇති එම පක්ෂ නායකයින්, කෙසේවුවද ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එකමුතුවේ නායකයා ලෙස කටයුතු කරමින් දේශපාලන ව්‍යුහයට එක්වන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා තිබේ.
 
 
 සාකච්ඡා සාර්ථකයි -විමල් කියයි 
 
 
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ  ඇමති විමල් විරවංශ පවසා සිටියේ, දෙපාර්ශවය අතර ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවති බවත් සති 2 වරක් එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවත් ය.
 
 
එහිදී ඔහු මෙසේද පැවසිය. 
 
“සාර්ථක සාකච්ඡාවක් තිබුණා ජනාධිපතිවරයා සමඟ. එතුමා අපි ඉදිරිපත් කළ අදහස් බොහෝ දේවල් පිළිගත්තා. ඒ වගේම එතුමාගේ පැත්තෙන් ඇති අදහස් ඉදිරිපත් කළා. සති දෙකකට හෝ තුනකට වරක් මේ විදියට අපේ පක්ෂ සමග සාකච්ඡා කරන්නත් ඒ අනුව කටයුතු කරන්නත් එතුමාගේ කැමැත්ත පළ කළා. ආණ්ඩුවක් හැටියට රටක් හැටියට ඉදිරි ගමන යෑමට අවශ්‍ය කරන නායකත්ව මැදිහත් වීම එතුමා දෙන බවත්, ඒ වගේම, අපේ පක්ෂ සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන බවත් එතුමා අවධාරණය කළා.“
 
 

 
 
ජනාධිපතිවරයා සමග එම සාකච්ජාවට සහභාගිවීමට පෙර ඔහු මාධ්‍යවෙත පවසා සිටියේ, තමන් කිසිවිටෙකත් ආණ්ඩුව හැර නොයන නමුත් ආණ්ඩුව තමන් අත්හැර යාවිදැයි කිව නොහැකි බවයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පක්ෂ කිහිපයක නියෝජිතයින් පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි. 
 
 

 
 
#######################

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්