theleaderlk 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තම තේරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන 'පොහොට්ටුව' ලකුණ බැසිල් රාජපක්ෂ අදින ලද්දේ ඔහු සිරගත කර සිටියදී බවත් ඔහු පවසයි.
 
ඇමති විමල් වීරවංශ කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.
 
විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද බවද සඳහන් කරයි.
 
දැඩි බැසිල් වාදියකු වන ඔහු මේ බව සඳහන් කරන්නේ Truth with Chamuditha අන්තර්ජාල නාළිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
 
 
 
විමල්ලා ගේ ඉල්ලීම :
 
පොහොට්ටු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තරයේ මෙවැනි කතාබහක මතුව ඇත්තේ අමාත්‍ය විමල් විරවංශ පසුගිය දා 'ඉරිදා ලංකාදීප' පුවත්පතට කරතිබූ ප්‍රකාශයත් සමගය.  
 
 
 
මෙම පුවත්පත් සාකච්ඡාවේදී ඇමති විමල් මෙසේ සඳහන් කර තිබිණ.
  
“ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටට විශේෂ සේවයක් කරපු අයෙක්. රාජ්‍ය නායකයා කියන භූමිකාව එතුමා භාරගත්තට පස්සෙ දේශපාලන ක්ෂේත්‍රයේ එතුමා ඉන්නෙ අත්දැකීම් බහුල චරිතයක් ලෙස නෙමෙයි. එතුමට විය යුතුව තිබුණ දේ තමයි පොහොට්ටුව කියන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂයේ නායකත්වය ලබාදීම. එතුමා එහෙම ගෙන්වන්නෙ නැතිව එතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි කිරීම සුදුසු නෑ. ඒකෙන් වෙන්නෙ මන්ත්‍රිවරු සහ එතුමා අතර තිබෙන සම්බන්ධකම දුර්වල වෙන එක. මට තේරෙන්නෙ නෑ මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩදෙන්නෙ කවුද කියල…”
“ආණ්ඩුවේ ගමනේ සතුටු වෙන්න පුළුවන් ගොඩක් පැති තියෙන අතරේ අසතුටු වෙන්න කාරණාත් තියෙනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීම සඳහා ආණ්ඩුවට සිදුකරමින් සිටින විශාල හානිය අපි හොඳින් දකිනවා. ඒ පෞද්ගලික බල පෙරේතකම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදුකරමින් සිටින විනාශකාරී බලපෑම අපිට හොඳින්ම පේනාවා. ඒ පිළිබඳව අපිට විශාල කනගාටුවක් තියෙනවා…”
 
 
බැසිල් රාජපක්ෂට පක්ෂ හා විපක්ෂ ලෙස ආණ්ඩුව තුළ පැවති සිතල යුද්ධය, ඇමති විමල්ගේ එම ප්‍රකාශයත් සමග මේවනවිට කරලියට පැමිණ ඇත. 
 
මේ අතර ඇමැති විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් පසුගිය 19 සිකුරාදා පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, මින් ඉදිරියට ආණ්ඩුවේ දේශපාලන වැඩසටහන් වලට සක්‍රියව දායකවිමටත්, ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සමග අනිවාර්යයෙන්ම දෙසතියකට වරක් රැස්ව දේශපාලන තීන්දු තීරණ ගැනීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළකර තිබිණ.
 

 
 
ජනාධිපති එහෙම කරන්නේ නැහැ - දිලුම් අමුණුගම
 
කෙසේවුවද බැසිල් වාදියකු වන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ, දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ලෙස ඇතැම් පාර්ශව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු සිය ප්‍රතිපත්තිය වෙනස් නොකරනු ඇති බවයි.
 
 මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසිය.

 

 

 

 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...