ඇමති උදය ගම්මන්පිල විසින් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්
සිදුකර ඇතැයි මාධ්‍යවල පළවූ ප්‍රකාශයක් පුවත්පත් මණ්ඩලයේ සභාපති, මහින්ද පතිරණ විසින් හාස්‍යයට ලක්කර ඇත.
 
දැඩි බැසිල්වාදියෙකු ලෙස සැලකෙන ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ, ගම්මන්පිලගේ ප්‍රකාශය ගූගල් කොකාකෝලා තහනම පන්නයේම දේශපාලනයක් බවයි.
 
 ''ගම්මන්පිල මහතාගේ තෙල් ටැංකි අත්පත්කර ගැනීමේ කතාව වැනි ලෝකල් ප්‍රේක්ෂකයා කුල්මත් කරන කතා දැන්වත් නොකර සිටීම ප්‍රඥාගෝචරයි.'' මහින්ද පතිරණ තවදුරටත් සඳහන් කර තිබේ.
 

mp

 
ඔහු එවැනි සටහනක් පළකර ඇත්තේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වන බවට විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල කර ඇතැයි මාධ්‍යවල පලව තිබු වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
 
ආණ්ඩුවට පක්ෂපාත ඇතැම් සමාජ මාධ්‍ය එය වාර්තා කර තිබුනේ ''ඉන්දියාවට තවත් පරාජයක්.. ත්‍රීකුණාමල තෙල් ටැංකි අහිමි වෙයි.. අයිතිය ලංකාවට..'' ලෙසය.
 

cnews 21

 
 
 ‘පිස්සු’ අගමැති තනි වචනෙන් කියයි !
 
කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
 
 
 
'තෙල් ටැංකි පවරා ගන්නා බවක් මා කීවේ නෑ.'- ගම්මන්පිල
 
 
මේ අතර අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසන්නේ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි  පවරා ගැනීමක් ගැන තම සඳහන් නොකළ බවයි. 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මූලික කෙටුම්පපතක් සකස් කිරීම පිණිස වන විශේෂඥ කමිටුව වෙත පිවිතුරු හෙළ උරුමයේ ව්‍යවස්ථා යෝජනා බාරදුන් අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එබව සඳහන් කළේය.
 
ප්‍රශ්නය : 
ඔබතුමා මේ තෙල් ටැංකි ටික ත්‍රිකුණාමලේ පවර ගන්නවා කියලත් කියනවා?
පිළිතුර : 
පවර ගන්නවා කියලා මම කිසිසේත්ම කිව්වේ නෑ . මාධ්‍ය ආයතනයක් ඉංග්‍රීසියෙන් යවද්දී සහ ඉංග්‍රීසි පුවත්පත් පරිවර්තනය මගින් සිංහල කතාවේ වරදක් කරලා තියෙනවා. Re-acquire කියන වචනය පාවිච්චි කරලා තිබුණා. එය යළි අත්පත් කරගන්නවා නැත්නම් පවර ගන්නවා කියන අදහසයි. 
නමුත් මගේ කතාව ඔබට ඇහෙන්න ඇති. එය මාධ්‍ය වල පළ වුණා. මම එතන එදා පැහැදිලිව කියනවා ඉන්දියාවට බදු දුන්නු ඒ තෙල් ටැංකි යළිත් අප සතු කරගන්නවා. තෙල් සංස්ථාවට බහුතරය තියන ලංකා ඉන්දියානු තෙල් සමාගමත් ප්‍රධාන කොටස් කරුවෙක් වන සමාගමකින් ඒවා සංවර්ධනය කර පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. 
අපි කතාවක් කරහම සමස්ත කතාවම ප්‍රවෘත්ති වල යන්නේ නෑනෙ. ඉතින් ඒ පණිවිඩය සංස්කරණයේදී තමයි ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඔබ බැලුවොත් මගේ මුල් කතාව මගේ ෆේස්බුක් වල යූ ටියුබ් වල තියෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මං මොකක්ද කිව්වේ කියලා.''
 
 
 
ඉන්දීය නිවේදනය :
 
Oil Tank Trinko India
 
ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගෙන තිබූ අවබෝධතාවය 'අහෝසි' කර ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තාවන්හි සත්‍යතාවයක් නොමැති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
 
ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. 
 
මෙම වාර්තා 2021 පෙබරවාරි 17 වන දින ශ්‍රී  ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන් නිවැරදිව දක්වා නොමැති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියි.
 
එම තත්වය තුළ පසුගිය 18දා පැවති මාධ්‍ය හමුවකදී විෂයබාර අමාත්‍යවරයා මෙම කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.
 
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විසින් ද දැක්වූ පරිදි දෙරටෙහි රජයන්, 2017 වසරේදී ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම ඇතුළු පවත්නා ද්විපාර්ශවික අවබෝධතා අනුව තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සඳහා අන්නෝන්‍ය වශයෙන් පිළිගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව එකිනෙකාගෙන් අදහස් විමසා ඇත. 
 
ඉන්දියාව මෙම කරුණ සම්බන්ධයෙන් නිල සාකච්ඡා පැවැත්වීමට ද එම සාකච්ඡාවන්හි ප්‍රතිඵල අන්නෝන්‍ය සුබසිද්ධිය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

 


 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්