වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකිව නිරන්තරයෙන් දැවෙන
උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහු ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ.
 
කළු හැඳ, ගිනි හට්ටි හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය  ආරම්භ වී ඇත්තේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කොට අවුරුදු හතරක් පිරෙන 20 සෙනසුරාදා උදෑසන නමයටයි.
 
කිලිනොච්චියේ ගණදෙවි කෝවිල අසලින් ආරම්භ වුනු පා ගමන A9 මාර්ගය ඔස්සේ ගමන් කොට කන්දසාමි කෝවිල අසලින් නිමාවී තිබේ.
 
xffbhdf
 
“අපේ නෑදෑයන් අපිට මුණගැහෙන තාක් කල්, අපිට අපේ නෑයන් එක්ක එකට ජීවත් වෙන්න ලැබෙන තාක් කල්, අපේ අරගලය අතහරින්නේ නැතැ,” යි උතුරු නැගෙනහිර අතුරුදහන් කරවනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී පැවසුවාය.
 
රට තුල ඉටු නොවන යුක්තිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස විරෝධතාකාරියෝ සටන් පාඨ හඬ නැගුහ.
 
තම ඉල්ලීම් රැගත් සන්දේශයක් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය වෙතද යවන ලද බව මව්වරු මාධ්‍යවේදීන් හා කියා සිටියහ.
 
අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලය ඇතුළු දේශීය යාන්ත්‍රණ තමන්ට කිසිදු සරණක් වී නැති හෙයින් එකම පිහිට ජාත්‍යන්තරය බව එම ලිපියේ සඳහන් වේ.
 
යුක්තිය ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් අරගල කරන මව්වරුන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීම සහ ඔත්තු සේවා නිලධාරී යොදවා ඡායාරුප ගැනීම ආදී ක්‍රියාමාර්ග වලින් බියවැද්දීමට ආණ්ඩුව උත්සාහ දරන බවද ලිපියෙන් කියා තිබේ.
 
ලබන සතියේ සිට ජිනීවා නුවර මුළුදෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාවට අදාල යෝජනාව යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගැනීම ශ්‍රී ලංකාවටම තව දුරටත් පවරා දෙන අයුරින් කෙටුම්පත් කර තිබෙන බව දැකීමෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන් තුල හටගත් දැඩි කනස්සල්ල ගිනි කබල් විරෝධය තුල දැල්වී තිබුණු බව පළාතේ වාර්තාකරුවෝ පවසති.

 


 

 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්