''යහපාලනය ඉතා සාධනීය දේවල් කළා. එත් ඒවා මිනිස්සුන්ට කියා ගන්න අපිට බැරි වුනා.
ඒ අපේ සන්නිවේදන වැඩපිළිවෙලේ දුර්වලකම් නිසා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන දේවල් බොහෝ විට පෙන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවටත්, අපේ ගිය ආණ්ඩුවටත් පොදුයි. ආණ්ඩුවක් කරන දේවල් ජනතාව බොහෝවිට දකින්නේ අසුබවාදිවයි.
අපේ ආණ්ඩුව කරපු දේවල් හා ජනතාවට සන්නිවේදනය වූ දේවල් අතර ලොකු ගැප් එකක් (පරතරයක්) එකක් තිබ්බ. අපේ කන්සෙප්ට් එක (සංකල්පය) ෆේල් (අසමත්) නැහැ. අපේ සංකල්පය පාස් (සමත්). එකට නායකත්වය දුන්න දෙන්නා තමයි ෆේල්'' යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.
මෙහිදී ඔහු අසමත්වූ නායකයන් දෙදෙනා ලෙස හැඳින්වුයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිබඳවය.
හරීන් පසුගියදා “සර් ෆේල්’ නමින් පාර්ලිමේන්තුවේදී වත්මන් ජනාධිපතිවරයා ඉලක්ක කොට ආරම්භ කළ සන්නිවේදන මෙහෙයුම සමාජය තුළ ජනප්‍රිය වූ අතර එයට පිළිතුරක් ලෙස ආණ්ඩුවේ සමහර මාධ්‍ය උපදේශකයින් විසින් ආරම්භ කළ “සර් පාස්” සන්නිවේදන ප්රතිමෙහෙයුම යම් ආකාරයකින් තමන් ආරම්භකළ මෙහෙයුමේ ජයක් ලෙස හරීන් සලකයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ මට තරුණයෙක් හැටියට ඇමතිකම් ගොඩක් තිබුනා.ඒවා හම්බ වුනේ කෑලි කෑලි වගේ විටින් විට, රනිල් මට සැලකුවේ දක්ෂකමට. එත් මාව ඉසමතු වුනේ නැහැ. ඔහු තවදුරටත් පැවසිය.
විපක්ෂයේ භූමිකාව තුළ කැපී පෙනෙන භූමිකාවක් කරනු ලබන සමගී ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කලේ, වයස අවුරුදු 16 ක තරුණයකු ප්රමුඛ තරුණ කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ව්‍යවසායකත්වයක් විසින් අලුතින් ආරම්භ කළ 'Vරළ' යුටියුබ් නාලිකාවේ වැඩසටහනට සම්බන්ධ වෙමිනි.
රටේ පැහැදිලි වෙනසක් ඇති කිරීමට ජනතාව දැනුවත් කොට ඔවුන්ව පෙළගැස්වීමේ අරමුණින් සාධනීය මාධ්‍යකාරණයක් (Constructive Journalism) ප්‍රවර්ධනය කිරීම මෙම Vරළ නාලිකාවේ අපේක්ෂාව බව මෙම සාකච්ජාව මෙහෙයවු බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි කථිකාචාර්ය දිලාන්ත විතානගේ පවසයි
හරීන් ප්‍රනාන්දු සමග Vරළ නාලිකාව කරනු ලැබූ යුටියුබ් සාකච්ජාව පහතින් පළවේ.
ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම
සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...