පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
 
ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මෙම වාර්තාව 600 කට අධික පිටු සංඛ්‍යාවකින් යුක්ත වන බවත්, මෙහි සිංහල පිටපත් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ සියලු දෙනාට ලබාදී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
 
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.
 
මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගතයුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු‍ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
 
 
 
වාර්තා වන පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට යන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව, එය සිදුකිරීම තුළින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මග පෑදු බව කොමිසමේ අදහසයි.
 
 
 
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම වගකීම් පැහැර හැරීමක් ලෙස කොමිෂන් වාර්තාවේ දක්වා ඇති බව ද වාර්තාවේ.
 
එලෙස සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව සඳහන් ය.
 
මේ අතර, කැබිනට් ආරංචි මාර්ගවලට අනුව එම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 
 
'මගේ සහෝදරයා කොටු කරන්න හදනවා.' – ඩඩ්ලි Dudley Sirisena
 
 
මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු ‍ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසන්නේ, තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව පැහැදිලිව පෙනී යන බවයි.
 
‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියි.
 
ඔහු මේ බව කියාසිටියේ Truth with Chamuditha අන්තර්ජාල නාළිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
 
‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඩඩ්ලි සිරිසේන එහිදී කියා සිටියි.
 
 
43d93ada 6d07 11e9 994e 1d1e521ccbf6 image hires 170805
 
 
එම අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබේ.
 
 
 
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත් 19 වැනිදා සය පුද්ගල කමිටුවක් පත්කරනු ලැබිය. 
 
අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන  යන අමාත්‍යවරුන්ය.
 
මෙම කමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, ඔවුන් හෙට යළි රැස්වීමටද නියමිතය.


 

 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්