සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොද විදේශ විනිමයක්
මෙරටට උපයාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
 
ජපානය හා ප්‍රංශය තම රටවල ජලය ලෝක වෙළෙදපොලට අලෙවිකර විශාල ආදායමක් ලබන බව පවසන අමාත්‍යවරයා අපනයන වර්ධනය කිරීමට තමන් හට වගකීමක් පැවරී තිබෙන බවද කියා සිටියි.
 
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්දයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් එම ආයතනයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා එබව සඳහන් කළේය.
 
මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මූලාශ්‍ර සිදී ඇති බැවින් පානීය ජලය ලබාදීම සීමාකිරීමට සිදුවන බවයි.
 
ඒ අනුව එම මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජානීය ජල අවශ්‍යතාවය පැය 24 පුරා ලබාදීම සීමා වනු ඇති බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 
තවද පවත්නා තත්ත්වය මත උස් බිම් ප්‍රදේශවල වෙසෙන ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන් වේ.
 
පවතින කාලගුණ තත්ත්වය මත පානීය ජලය හැකිතරම් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 
 
 
(ටෂ්මා සිතුමිණි- news19.lk)

 

 


 

 

 

 

මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?

 

සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්