අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති
බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තව අවුරුදු 5 කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකෘතියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් සඳහන් කළහ.
අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසීය.
කොමිසමේ වාර්තාව විකෘති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකෘති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය.
එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්රි ගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකෘතියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.
පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තුලින් සාධාරණයක් ඉෂ්ඨවී වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුවද දැනට දැනගන්න ලැබෙන තොරතුරුවලට අනුව "යන්නේ කොහොද? මල්ලේ පොල්" තත්වයට පත්වී ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ සභාපති අක්මීමන දයාරතන හිමි සඳහන් කර සිටිති.
"පාස්කු කොමිසමේ කැකිල්ලේ තීන්දුව" තේමාව යටතේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.
දැනට තොරතුරු ලැබී ඇති පරිදි මේ රටේ ජාතික සංවිධානවලට සහ ජාතික සංවිධාන නායකයින්ට පාස්කු ප්‍රහාරයේ වගකීම බැර කර ඇති බව පැවසූ ඒ හිමියෝ, අන්තවාදී ක්‍රියා ඇතිවීම තුල ජාතික සංවිධාන බිහිවූවා විනා ජාතික සංවිධාන හේතුවෙන් අත්වාදය ඇතිවුනා යැයි කිසිවෙකුට හෝ කිව නොහැකි බව පැවසීය.
පාස්කු කොමිෂන් වාර්තාව සැබෑ ලෙසම සැකසුවේ එහි සාමාජිකයන් ද නැතිනම් අන්තවාදීන් ද යන ප්‍රශනය මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන බවත් කොමිෂන් සභා වාර්තාව වහා අහෝසි කර නව කොමිසමක් පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් අක්මීමන දයාරතන හිමියෝ මෙහිදී ඉල්ලා සිටියහ.
කොමිසමේ වාර්තාව කථානායකට භාරදෙයි
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී ඇති අතර එම වාර්තාව මහින් බොදු බල සේනා සංවිධානයට බරපතල චෝදනා එල්ලකර තිබේ.
එම වාර්තාව, එහි සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත ලබාදුනි.
2019 වසරේ අප්‍රේල් මස 21වනදා ස්ථාන 07ක සිදුවු මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.
මංගල -බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ රහස් කතා ?
සුපුරුදු පාරේ තෙල් ගලයි - ගම්මන්පිල පීල්ල මාරු කරයි !