පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත්
කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබිය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇත.
මිට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන අයටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටළු තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව කරුණු හඳුනා ගෙන ඇති වුවත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවට නිර්දේශ කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයේදී මරණ සංඛ්‍යාව අවම කරවීම සඳහා නිර්භීතව කටයුතු කළ අභාවප්ප්‍රාප්ත රමේෂ් රාජු ගේ සමීප ඥාතියාට රජය විසින් ත්‍යාග මුදලක් ගෙවිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ෂණ කළ ජනාධිපති විමර්ෂණ කොමිසම විසින් නිර්දේශ කර තිබේ.
මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම, වනාතවිල්ලුවේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරු ලබාදීම නිසා 2019 මැයි මස 09 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ සිය නිවසේ නිදා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයගේ ආරක්ෂාව සැපයීමට සහ ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බැවින් ඊට අදාළ ප්රතිපාදනයන් රජය විසින් දැරීමට ද මෙම කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්ෂිත නිවාස සොයා ගැනීම් වැනි කටයුතුවල නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
(නෙත් නිව්ස්)
#######################
පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න
"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!