මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර

තිබේ.
 
එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි.
 
"මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. "
 
Screen Shot 2021 02 23 at 9.03.18 PM
 
 
 
බන්ධනාගාර තුළ සමුහ සාතන  සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා සිහිපත්  කළේ පසුගිය සතියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
 
දරුණු ගනයේ අපරාධකරුවන් ලෙස නම් කරමින් රැදවියන් පිරිසක් බුස්ස බන්ධනාගාරයේ ගාල් කර සිටින බව පෙන්වා දෙන සුදේශ් නන්දිමාල් එහිදී අවධාරණය කළේ එම රැදවියන්ට නිසි ආකාරයෙන් ආහාර වේලක් මේ වන තෙක් බන්ධනාගාරය තුලින් ලබා දී නොමැති බවයි.
 
 "ඔවුන්ට බඩට ආහාර ලබා නොදී ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ලබා නොදී මොවුන් එම රැදවියන්ට විශාල පීඩනයක් එල්ල කරනවා. "
 
 බුස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එවැනි විශාල පීඩනයක් එල්ල කරමින් උත්සාහ කරන්නේ මහර බන්ධනාගාරයේ මෙන් රැදවියන් කුපිත කර විශාල රැදවියන් පිරිසක් ඝාතනය කිරීමේ උත්සාහයක්දැයි සුදේශ් නන්දිමාල් සැක මතු කළේය.
 බුස්ස බන්ධනාගාරය තුලත් එවැනි ඝාතන රැල්ලක් ඇති කිරීමට ඉඩ නොතබන ලෙස බලධාරීන්ට අවධාරණය කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් මාධ්‍ය හමුවේදි ඉල්ලා සිටියේ, මහර බන්ධනාගාරයේ රැදවියන් ඝාතනය කළ ඝාතකයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
 
 
ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රදවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස බුස්ස බන්ධනාගාරයේ කොටසක් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාවිත කළ අතර මෛත්‍රී රනිල් පාලන සමයේ අවසන් භාගයේදී එම සැකකරුවන් බුස්ස බන්ධනාගාරයෙන් ඉවත් කර ගැනීමට  ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කටයුතු කර තිබුනි.
 
 ඒ වෙනුවෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID)විසින් මේ වන විට තංගල්ලේ පිහිටි රැදවුම් මධ්‍යස්ථානයක් භාවිත කරයි. ඔවුන්ගේ අනිකුත් රැඳවුම් ස්ථාන පිහිටා ඇත්තේ කොළඹ සහ වව්නියාවේය.
 
 වසංගතයෙන් බේරීම වෙනුවෙන් විරෝධතා පැවැත්වූ එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාගේම මරණ සිදුව ඇත්තේ වෙඩි පහරින් බව මේ වන විට අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.
 

 

පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න 
 

"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්