ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටළු පකිස්තාන අගමැතිවරයා හමුවේ
පැවසීමට ඇති අවස්ථාව අහුරා ඇති බවට විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.
 
දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණ සිටින අගමැති ඉම්රාන් ඛාන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පෙරටු කොටගත් අගමැති මහින්ද රාජපක්ෂ මුණගැසී තිබුණි.
 
ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා තාක්ෂණ, ආරක්ෂක හා අධ්‍යාපන ක්ෂේත්‍ර වල ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර සාකච්ඡා සිදුකෙරුණු බව අගමැති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි.
 
Imran khan Mahinda
 
"එතුමා දැන් පාර්ලිමේන්තුවට එන්නෙත් නෑ. ඒ හින්දා ආණ්ඩුව බලනවා එතුමාව අපට මුණගස්වන්න නොදී එතුමාව ගෙනල්ලා මේ හෝටලේ තියන් ඉදලා අගමැතිතුමයි ජනාධිපතිතුමයි විතරක් මුණගැහිලා ආපහු එතුමාව යවන්න තමයි මේ උත්සාහය තියෙන්නේ. "
 
 විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒ බව සදහන් කළේ කොවිඩ් 19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහ භූමදානයට අවසරදෙන ලෙස රජයට බලකරමින් පෙබරවාරි 23 අගහරුවාදා සිය ගණනක  ජනතා සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් දියත් කරමිනි.
 
 පකිස්තාන  අගමැතිවරයා දිවයිනට ඇතුල් වීමට පැය කිහිපයට ඉහතදී අගනගරයේ පැවැත්වු විරෝධතාවය සංවිධානය කර තිබුනේ “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විසිනි.
 
 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් ජනතා නියෝජිතයන්ට අමතරව දෙමළ ජනතා නියෝජිතයෝද එම  එම විරෝධතාවයට සහාය පළ කර සිටියහ.
 
153851434 3253324641434751 278380220663375720 n
 
කොරෝනාබාධිතව මිය යන ශ්‍රී ලාංකික ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භුමදානය කිරීමට මෙරට ආණ්ඩුව ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැනුම්වත්ව සිටින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් එහිදි  වැඩි දුරටත් අවධාරණය කළේය.
 
පකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම එරට සමාජ ක්‍රියාධරයන්ද ඉල්ලා තිබුනේ මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය තහවුරු කරදීමට මැදිහත් වන ලෙසයි.
 
කොළඹ පැවති විරෝධතාවය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කළේ රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම ස්වදේශ ප්‍රතිපත්තියද අසාර්ථක වී ඇති බවයි.
 
 
 
ස' ෆේල් 
 
mujiberRජිනිවාහිදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාවට මුහුණ දීම සදහා ලක් රජයට සහාය වීම පිනිස  පකිස්තාන අගමැතිවරයා මෙරටට  පැමිණෙන මොහොතේ ආණ්ඩුව ඔහුට ලබා දෙන පනිවිඩය කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
 
 
 
 
 "ඉම්රාන් ඛාන් මහත්තයාට දෙන පනිවිඩය මොකක්ද?  පකිස්තාන ජනතාවට‌ දෙන පනිවිඩය මොකක්ද? ඉස්ලාම් ජනතාවට දෙන පනිවිඩය මොකක්ද ? ස ලෝකෙට දෙන පනිවිඩය මොකක්ද ඒ නිසා මේ ආණ්ඩුවේ මේ රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ෆේල්. ස්වදේශ ප්‍රතිපත්තියත් ෆේල්. ආණ්ඩුවත් ‌ෆේල්. සරුත් ෆේල් " මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
 
දෙරටේ අගමැතිවරුන් පුද්ගලිකවත් මුණගැසී කතාබස් කරන අයුරු දැක්වෙන දර්ශන ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුනත්, මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය සම්බන්ධයෙන් කිසිවක් කතා කළ බවක් දෙපාර්ශවයෙන්ම ප්‍රකාශයට පත්වී නැත. 

 


 

 
පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න 
 

 
"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්