පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා
දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසමෙන් චෝදනාවක් එල්ල වී ඇත.
ඒ අනුව, මින් ඉදිරියට ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පිළිබඳව පොලිසියේ හා හමුදාවේ නිලධාරීන්ට කතා කර බලපෑම් කිරීමේ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහුරා දැමිය යුතු බවට කොමිසම යෝජනා කර ඇත.
රිෂාඩ් හමුදාපතිට බලපෑම් කළා ද ? නැද්ද ? ඇත්ත කතාව මෙන්න
ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ වූ කොළොන්නාවේ ව්‍යාපාරිකයකුට තඹ ලබාදීම ගැන අල්ලස් හෝ දුෂණ කොමිසම හරහා විමර්ශනයක් කළ යුතු බවට ද කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.
එසේම, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.
කොමිසම් වාර්තාවෙන් බරපතලම චෝදනාව එල්ල වන්නේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්ව සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙතය.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම් වාර්තාවේ සඳහන් වේ.
පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න
"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!