හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්
ඊයේ සිදුව ඇති අතර එහිදී පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජා කර ඇතැයි වාර්තාවේ.
 
 පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ (23) දිනයේ ඔවුන් දෙදෙනා අතර හමුවක් සිදුව ඇත්තේ, අරලියගහ මන්දිරයේදීය. 
 
හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුවූයේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ  අරලියගහ මන්දිරයේ දී පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ය.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මැඳුරේ  පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියහ.
 
හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ද එකම මේසයක අසුන්ගෙන සිටියහ.
 
ඊයේ නිකුත් වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් යාබද අසුන් දෙකේ සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අදහස් හුවමාරු කරගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
 
එජාප අමාත්‍යවරුන්ට ප්‍රහාරයේ වගකීමක් පවරා නැහැ :
 
මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් අද (24) නිවේදනය නිකුත්කරමින් පවසන්නේ, යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ඒ රජයේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීමක් පැවරෙන බවක් අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව නැති බවයි.
 
 
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිසිදු අයුරකින් කලින් දැනුවත් නොකළ කරුණද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිවම සඳහන් වෙතියි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක ඇමති ලෙසවත් පත් කර නොසිටි පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට ප්‍රහාරයේ වගකීමක් පැවරෙන්නේ නැතැයි ද එක්සත් ජාතික පක්ෂය තව දුරටත් සඳහන් කරයි.

 


 

 

 
පොදු වේදිකාව" වනසන විපක්ෂයේ කෝඳුරු තෙල් වෙද්දු මෙන්න 
 

 
"එයා දේශපාලනේ කරන හැටි බලමු කෝ" - ගෝඨා ට ඇතුළෙන්ම කෝචෝක් පාරක්..!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්