ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) පස්වරුවේ පක්ෂ කාර්යාලයේදි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වී බරපතල දේශපාලන තීන්දු රැසක් ගෙන ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනු කිරීම කිසියම් දේශපාලන හස්තයක මැදිහත්වීම මත සිදුවූවක් බවට මෙහිදී සාකච්ජාවට ලක්ව තිබේ.
එම තත්වය තුල පහත සඳහන් යෝජනා අද පැවති මධ්‍යම කාරක සභාවේදී සම්මත වී ඇත.
1 -අනාගත මැතිවරණ සඳහා සන්ධානය ලෙස තරඟ වැදීමේ තත්ත්වයක් උදාවන්නේ නම්, එම අවස්ථාවේදී වෙනත් පක්ෂයක මූලිකත්වය යටතේ තම පක්ෂය සන්ධානගත වීම වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නා ඒ වටා නිර්මාණය වන සන්ධානයක් බිහි කිරීමට පක්ෂය පෙරමුණ ගත යුතුය.
2 -ජනතාවගේ ඉල්ලීම් ගැටලු ප්‍රශ්න හමුවේ ඒවාට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පක්ෂය හා එහි ක්‍රියාදරයන් නායකත්වය ලබා දී යුතුය.
3- නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමග සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතුය.
4- කවර නීති කෘත්‍ය අධිකරණ ක්‍රියාමාර්ගය පක්ෂයට හෝ එහි නායකත්වයට හෝ තනතුරු දරන්නට පැමිණිය ද ඒවාට මුහුණ දීම හැර කේවල් කිරීමට හෝ අතරමැද එකඟතාවට නොපැමිණිය යුතුය
කෙසේවුවද තම පක්ෂයේ මැදිහත්වීමෙන් පිහිටපු වත්මන් ආණ්ඩුවේ කොටස් කරුවන් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කිරීම ගැන හෙට (25) පැවැත්වෙන පක්ෂ විධායක සභාවේදී සාකච්ඡාවට ගන්නා බවයි.
මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ප්‍රශ්න කළත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, "ලේකම්තුමා... ලේකම්තුමා උත්තරදෙනවා.. ලේකම්තුමා.," යනුවෙනි.
පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ "විධායක සභාවේදී යෝජනාවලියක් ඉදිරිපත් වෙයි. අපි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ අනුව මේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව පක්ෂයක් ලෙස අපේ අවසන් තීරණය හෙට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි," යනුවෙනි.
අද දින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මතවූ යෝජනා හා මධ්‍යම කාරක සභාවේ දේශපාලන විග්‍රහය
බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?