රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශපාලනික වශයෙන් බලසම්පන්න කළ යුතු බව ආණ්ඩුවට පක්ෂපාති මහ සංඝරත්නය පවසති.
උන්වහන්සේලා එබව අවධාරණය කර සිටියේ අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකු නාරාහේන්පිට අභයාරාමයට කැඳවමිනි.
 
එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුයේ, යම් බාහිර පාර්ශ්වයන් විසින් ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරඇති බවට දේශපාලන විචාරකයින් කරුණූ අනාවරණය කරඇති බවයි. 
 
ඔහු පවසන්නේ එම අභියෝගවලට මුහුණ දෙමින් ශක්තිමත්ව ආණ්ඩුව කරගෙන යෑමට ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවය.
 
"මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් පක්ෂ 8ක නායකයින් අභයාරාමයට පැමිණියා. එම අවස්ථාවට තවත් නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරලා සිටියා. වර්තමාන ආණ්ඩුවට ඇති අභියෝග ගැන තමයි සාකච්ඡා කළේ. විවෘත සංවාදයක් ඇති වුණා. ඉදිරි ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කළා. ඒවා අභ්‍යන්තර කාරණා විදිහට තියේවි." යනුවෙන් ද ඔහු පැවසීය.
 
රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ශක්තිය දේශපාලන වශයෙන් බලසම්පන්න කිරීමේ වැදගත්කම භික්ෂූන්වහන්සේ පෙන්වා දුන් බව එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
පැවැති සාකච්ඡාවෙන් පසු වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
 
"මුරුත්තෙට්ටුවේ නායක ස්වාමීන් වහන්සේ මට පණිවුඩයක් දුන්නා අද හැන්දෑවේ පන්සල පැත්තෙ ඇවිත් යන්න කියලා. මං ඇහුවේ නෑ මොකද කියලා. ආවට පස්සේ උන්වහන්සේ ආණ්ඩු කටයුතු කරගෙන යන ආකාරය ගැන විමසුවා. ඒ වගේ විමසුමක් තමයි ගියේ."
 
හම්බයාට දෙමළාට නොවැටෙන සිංහල කඳුළු
 

 
 

බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්