රාජ්‍ය අනුග්‍රහයෙන් උතුරේ දිගටම සිදුකරමින් පවතින ඉඩම් කොල්ලයට එරෙහිව
දශක තුනකට අධික කාලයක් තිස්සේ  යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත් දෙමළ ජනයාට තවමත් සටන් වදිමින්  සිටිති.
 
යුද සමයේදීත් ඉන් පසුවත් අනීතික ලෙස අත්පත්කරගත් ඉඩම්  ආපසු එම ජනයාට දෙනවා වෙනුවට  රජයේ  හමුදාත් ආණ්ඩුවේ විවිධ ආයතනත් දෙමළ ජනතාවගේ සාරවත් භුමි බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම තව දුරටත් සිදු වෙමින් පවති.
 
කාන්තාවන්ගේ නායකත්වයෙන් වීදි බට යුද්ධයෙන් පීඩාවට පත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දෙමළ ජනයා පසුගියදා විරෝධතා දැක්වූයේ ඔවුන් ජීවත් වු පැල්පත් පොලිසියේ සහායෙන්  කඩා බිද දමමින් තම ඉඩම්වලින් බලහත්කාරයෙන් පිටමං කිරීමට විරෝධය  දක්වමිනි.
 
 
කිලිනොච්චියේ පලෙයි ප්‍රදේශයේ කරන්තායි හි අටවාගත් පැල්පත්වල ජීවත් වු සිය ගණනක් ජනයා චෝදනා කරන්නේ ඔවුන්ට එහි රැඳී සිටීමට අධිකරණය තීන්දුවක් මගින් අයිතිය ලබා දී තිබියදීත් තමන්ව ඉන් පන්නා දැමු බවටයි.
 
පැල්පත් කඩා බිඳ දැමීම නිසා උන් හිටි තැන් අහිමි වු දෙමළ  ජනයා විරෝධය පළ කිරීමට ඒ -9 මාර්ගයේ  වාඩිලා ගැනීමත් සමග එම මාර්ගයේ  ගමනාගමනයටද බාධා එල්ල වී තිබුනි.
 
ජනතා විරෝධය හමුවේ පොලිසියට පසුබැසීමට සිදු වු අතර ජනයාගේ පැල්පත්  නැවත ඉදිකර දීමට එකඟ වීමට ද ඔවුන්ට සිදු විය.
 
එම එකගතාවය ඉටු කිරීමට අසමත් වන්නේනම් යුක්තිය ඉල්ලා  නැවත වරක්  පාරට බහින බවට විරෝධතාකාරියෝ අවධාරණය කළහ.
 
පැල්පත් ඉදිකර තිබු ඉඩම පොල් සංවර්ධන මණ්ඩලයට අයත් බවට පොලිසිය හිමිකම් කියා සිටි නමුත් එය විරෝධාතා කරුවන්ගේ අභියෝගයට ලක් විය.
 
පච්චිලෙයිප්පලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මේ ඉඩම් වල දෙමළ ජනයා  1976 වසරේ  සිට  පදිංචිවී  සිට තිබේ.
 
උතුරේ දියත් වු යුද්ධය හේතුවෙන් ඔවුන් එම ඉඩම් වලින් ඉවත කර දැමූ නමුත් යලි 2010 දී ආපසු පැමිණ එහි වාසය කිරීමට ඔවුන්  පටන් ගෙන තිබේ.  
 
කෙසේ වෙතත්, පොල් සංවර්ධන මණ්ඩලය එය තමන්ගේ භූමියක් යැයි අයිතිවාසිකම් කියමින් මේ වැසියන් ඉවත් කර ඇත.
 
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපනයේ පිහිටි කාර්යාලය පසුගිය වසරේ ජනවාරි මාසයේදී නිර්දේශ කර තිබුනේ සති දෙකක් ඇතුළත මෙම භූමියව එහි නියම හිමිකරුවන්ට ආපසු ලබා දෙන ලෙස යි.
 
නමුත් මෙතෙක් තම ඉඩම් ආපසු ලබා දීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ බිමට ඇතුළු වී තාවකාලික වාසස්ථාන පිහිටුවාගෙන එහි පදිංචිවීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවයි.
 
ඉන් අනතුරුව පොල් සංවර්ධන මණ්ඩලය ප්‍රාදේශයේ පොලිස් ස්ථානයේ සහය ලබාගෙන  මෙම ඉඩමට කඩා වැදී මෙම  වාසස්ථාන කඩා බිඳ දමා තිබේ.
 
ඒ හේතුවෙන් මෙම ජනතාවට තමන්ගේ විරෝධතාව දැක්වීමට විදියට බැසීමට සිදු විය.
 
මේ වන විට එම භූමියේ රැඳී සිටින පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් බොහොමයක් සිංහල ජනයා බව ප්‍රදේශවාසීහු පවසති.
 
එමෙන්ම සිංහලයන්ට මේ භූමියේ පදිංචි වීමට මග පාදා දීම සඳහා මෙසේ දෙමළ ජනයා පලවා හරින බවට ද ඔවුහු චෝදනා කරති.
 
මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය සභාවේ සාමාජිකයකු විසින් මනවලන්පට්ටමුරිප්පු හි සාරවත් වනගත ඉඩම් අක්කර 20 ක් පමණ කොල්ලකන බවට ද චෝදනා එල්ල වී තිබේ.
 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වන විනාශය හා ඉඩම් කොල්ලයෙහි පාර්ශව කරුවන් වන්නේයැයි තමන් සැක කරන බවට ජනතාව චෝදනා කරති.
 
නිසි ලේඛනයක් නොමැති තත්ත්වය යටතේ මෙම නීතිවිරෝධී වනාන්තර විනාශය නොඅඩුව සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
 
ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ‘වනාන්තර ඉඩම් නිරවුල් කිරීම’සම්බන්ධයෙන්  ලියකියවිලි පිළිබඳ තොරතුරු ඉල්ලා තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබද පනත යටතේ ගොනු කර ඇති ඉල්ලීමකට තවමත් පිලිතුරක් ලැබී නොමැත.
 
මේ තතු යටතේ මෙම නීති විරෝධී වනාන්තර විනාශයට දිසා ලේකම් කාර්යාල නිලධාරීන් ද සම්බන්ධ බවට එම  ඉල්ලීම කළ  අය සැක පහල කරති.
 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බල ප්‍රදේශ සීමාවෙන් ඔබ්බට විහිදෙන සේ පසුගිය මාස කිහිපය තුළ බැකෝ  යන්ත්‍රෝපකරණ භාවිතා කර තිබේ.
 
අක්කර 20 ක වනාන්තර ඉඩම් ශුද්ධ කිරීම හා අත්පත් කර ගැනීම සඳහා පළාත් පාලන ආයතනයක සාමාජිකයකුට අවසර ලබා දීමේ හේතුකාරණා පිළිබඳව ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
 
මොහුට එසේ ඉඩම් ලබා දී ඇත්තේ ජීවනෝපාය සකසා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින ජනතාවට ඔවුන්ගේ පැවැත්ම සඳහා අක්කර භාගයක වනාන්තර ඉඩමක් හෝ ලබා ගැනීමට නොහැකි ව සිටිය දී ය.
 
මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව ඉල්ලා සිටින්නේ අක්කර 20 ක වනාන්තර ඉඩම් එලි කිරීමටව වගකියයුතු වූවන්ට විරුද්ධව හෝ එයට අදාළ ලියකියවිලි ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව පියවර ගන්නා ලෙස යි.
 
ශ්‍රී ලංකාවේ විශාලතම වන ගහනය සහිත කලාපය මුලතිව් දිස්ත්‍රික්කය වන අතර එහි ඉහල අගයක් ගන්නා අතිශයින් වටිනා පාරිසරික පද්ධතියක් පවතී.
 
මේ දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගෙන් බොහොමයකගේ පැවැත්ම සුරැකෙන කලාපීය වාර්ෂික වර්ෂාපතනය සඳහා මෙහි වන ආවරණය වැදගත් මෙහෙයක් ඉටු කරයි.
 

 

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්