1200 x 80 DMirror
 
 

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගෙන් තොරතුරු ලබාගෙන,
 උන්වහන්සේගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම, සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට කටයුතු කල නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනාට එරෙහිව අපරාධ චෝදනා නැගීමට අසමත් වී ඇති බව 'නව සිංහල රාවය' සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
 
ඥානසාර හිමිගේ ප්‍රකාශ දෙක නිසාද බෝම්බ ගැහුවේ, නොඑසේනම් 2017 ලැබුණු සහරාන්ගේ ලිපිගොනුව සැඟවීම නිසාද බෝම්බ ගැහුවේ කියලා කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බව ප්‍රකාශ කර සිටි සුදත්ත හිමියෝ "කොමිෂන් සභාව කාවද මේ රකින්න උත්සහ කරන්නේ" යැයි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේය.
 
සහරාන් සමග සෘජුව හා වක්‍රව ගනුදෙනු කල දේශපාලකයන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සහරාන්ලට දේශපාලන, මුල්‍ය අනුග්‍රහය ලබා දුන් පුද්ගලයින්ට විරුද්ධව කිසිදු නිර්දේශයක් නොමැති බවත් සුදත්ත හිමියෝ එහිදී පැවසුහ.
 
ජනාධිපති කොමිෂන් සභාව සහ දෙකයි පනහේ නිර්දේශ කුණු කූඩයට දමන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන්ට මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවස්තාව ලබා දෙන ලෙසත්  සුදත්ත හිමියෝ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 

 

 

 


 

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

subscribeYT

subscribeYT

නවතම පුවත්