නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන මිගාර ගුණරත්න සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත්කරන කරුණු කිසිඳු ලෙසකින් පිළිගත නොහැකිබව කොළඹ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරිය විසින් දැනුම් දී

ඇතැයි වාර්තාවේ.
 
ඒ, නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න විසින් පැලියගොඩ පොලිසිය තුලදී පොලිස් නිලධාරීන්ට එරෙහිව සාපරාධි බලහත්කාරකම් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය විසින් අද පෙරවරුවේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කල අවස්ථාවේදීය.
 
පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් 10 කු විසින් පහරදීමෙන් බලපතල තුවාල ලද මිගාර නීති සිසුවා මේවනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
මිගාර වෙනුවෙන් පෙනීසිටී නීතිඥයින් ඔහුගේ තුවාල ලද ජායාරූප ඉදිරිපත්කල අවස්ථාවේදී පොලිසිය පවසා ඇත්තේ, එසේ තුවාල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට පහරදීමට එද්දී ඔහුව තල්ලු කරද්දී බිම ඇඳ වැටීමෙන් බවයි.
 
ජායරුප වැඩිදුරටත් අධ්‍යනය කර ඇති විනිසුරුවරිය පොලිසියේ ප්‍රකාශ පිළිගත නොහැකි බව ප්‍රකාශකර ඇති අතර, රෝහල්ගත කර සිටින නීති සිසුවාගේ සෞඛ්‍ය තත්වය සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරනමෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමටද කටයුතු කර තිබේ. 
 
මිගාර ගුණරත්න නීති සිසුවා වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන උපුල් කුමාරප්පෙරුම, මෙත්සිරි පරණවිතාන, මංජුල පතිරාජ, මංජු ශ්‍රී දන්තසේන පෙනිසිටියේය. 
 
මාර්තු 01 ද නඩුව යළි කැඳවීමට නියමිතය.
 
 mihara 12
 
පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් !
 
 
 
මේ අතර පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබ තිබේ.
 
එම නීති ශිෂ්‍යාට තුවාල සිදුව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර පවසයි.
 
පොලිස් ස්ථානයක් තුළ එවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 
 
සබැඳි පුවත :

 

 


 

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්