මොකද පාස්කු කොමිසමේ වාර්තාව ගැන ආණ්ඩුවේ මාධ්‍ය වල පලවන වාර්තා දිහා බැලුවම නම් පෙන්නේ
පාස්කු ඉරිදා බෝම්බය සෙට් කලේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද කියලා සාධාරණ සැකයක්.
පාස්කු ඉරිදා බෝම්බය ගැන සොයා බලන්න ජනාධිපති කොමිසමක් පත්කළේ මෛත්‍රීපාල ජනාධිපති වෙලා ඉන්නකොට. ඒ, 2019 සැප්තැම්බර් 22 දා
දැන් ඒ පාස්කු කොමිසමෙන් මෛත්‍රීපාල ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කරලා .
එතකොට දැන් කාදිනල් තුමා සතුටු කරන්න මෛත්‍රීපාල ව දන්ගෙඩියට ගෙනියන්න හදන්නේ කව්ද ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන ඉන්නේ අම්බානක තරහකින්.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශයන් පිළිබඳවත්, විශේෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව එම වාර්තාවේ සඳහන් කරුණු හා නිර්දේශයන් පිළිබඳවද පෙබරවාරි 25 සවස තිබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ දී බරපතල විදියට කතාබහ කරලා තියනවා.
මාධ්‍ය නිවේදනයක් :
2019 අප්‍රෙල් 21 දා ලංකාවේ කතෝලික ජනතාව සහ විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල කරපු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය හා තුවාල ලැබූ සමස්ථ කතෝලික බැතිමතුන් සහ ඔවුන්ගේ ආදරණීයන් මෙන්ම, කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයක් තුළ සිදුවූ ප්‍රහාරය තුළින් මියගිය හා තුවාල ලැබූවන් සහ ඔවුන් වෙනුවෙන් ශෝක වන්නන් පිළිබඳවද ශ්රීලනිපය හා එහි සාමාජිකත්වයේ දැඩි සංවේගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙබරවාරි 26 මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා.
එම සියලු දෙනා වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු බව ඒ නිවේදනයෙන් අවධාරණය කරලත් තියනවා.
2019 සැප්තැම්බර් 22 දා ජනාධිපති මෛත්‍රීපාල මේ කොමිසම පත්කළේ මූලික අපේක්ෂාවන් කිහිපයක් ඉටුකර ගන්න.
පහත කරුණු ඒ අතර ප්‍රධාන යි.
❖ මෙම ප්‍රහාරය පිටුපස වූ දේශීය හා විදේශීය බලවේග හදුනාගැනීම.
❖ එකී බලවේග වල ප්රමුඛ අරමුණු හා ප්‍රාර්ථනා තේරුම් ගැනීම.
❖ මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාවට නැංවීම සදහා සෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ පුද්ගලයින් හෝ කණ්ඩායම් පවත්නා නීතිය හමුවට පැමිණවීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
කොහොම වුනත්, ජනාධිපති මෛත්‍රීපාල ගේ ධුර කාලය අවසන් වීමට ඉස්සෙල්ල එම වාර්ථාව අවසන් කර ඉදිරිපත් කරගන්න බැරි වුනා.
ඊට පස්සේ ජනාධිපති වෙච්ච ගෝඨාභය රාජපක්ෂ යටතේ එම කොමිෂන් සභාව ක්‍රියාත්මක වුනා.
කොමිෂන් සභාව විසින් පළමු අතුරු වාර්ථාව 2019 දෙසැම්බර් 20 වෙනිදාත්, දෙවන අතුරු වාර්ථාව 2020 මාර්තු 02 දිනද බාර දී තිබුනා.
අවසන් වාර්ථාව බාර දුන්නේ 2021 පෙබරවාරි 01 දා.
ඒ වාර්ථාව පිටු 472කින්ද ඇමුණුම් 215කින් හා වෙලුම් 06 කින් සමන්විතයි.
කොහොමවුනත්, මේ දක්වා මෙම වාර්තාව පුළුල් මහජන පරිශීලනය සදහා විවෘතව නැහැ.
මෙම කාර්ය්ය සිදුවන්නේ මෙම වාර්ථාවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පීළිබද සොයාබැලීම සදහා පත්කල පාර්ලිමේන්තු කාරක සභාව පිළිබදවද විශාල සමාජ කතිකාවතක් ඇතිව තිබෙන මොහොතක.
දැනටමත් සමගිජන බලවේගය ජනතාවිමුක්ති පෙරමුණ හා මෙරටේ ගරුතර මහා සංඝරත්නය පාස්කු කොමිෂන්සභා වාර්තාව අසම්පූර්ණ බවද කොමිෂන් සභාව පත්කිරීමෙන් බලාපොරොත්තුවු කාරණා ඉටු නොකල බව ප්‍රකාශයට පත්කර තියනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද විධායක සභාවද වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබදව වාර්තාවන කරුණු දැඩිව සංවාදයට බදුන් කරමින් සිටිනවා.
ශ්‍රීලනිපයේ පොදු මතය මෙන්න :
❖ මෙම කොමිෂන් සභාව ස්ථාපිත කල අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන හා නිර්දේශ මෙම වාර්ථාවේ අඩංගු නොවන බව ශ්‍රීලනිපයේ පොදු මතය.
❖ මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙදී ඊට පවරන ලද වීෂය සීමාව ඉක්මවා ඔවුන් ගේ නිගමන හා නිර්දේශ ඉදිපත් කර තියනවා කියලයි ශ්රීලනිපය කියන්නේ.
❖ විෂය පථයට කිසිලෙසකින්වත් අදාල නොවන කරුණු පිළිබදව විමර්ශනය කර නිර්දේශ ඉදිපත්කරලා තියන බව හොඳින්ම පේනවා.
o මුස්ලිම් අන්තවාදී සංවිධාන පීළිබද තීරණාත්මක ලෙස කරුණු හෙලිකල බොදුබල සේනා සංවිධානයේ නායක ගලබොඩ අත්තේ ඥණසාර හිමියන් පිළීබද වන නිර්දේශය එවැන්නකට හොඳම උදාහරණයක්.
ඒ වගේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පිළිබදව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද්විත්ව ප්‍රමිතියකින් සැළකීමක් බවත් පැහැදිලියි කියලයි ශ්රීලනිපය කියන්නේ.
❖ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නීතිය හා සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තොබර් 30 .
ඇත්ත වශයෙන් ඔහු මේ අමාත්‍යාංශයෙ වගකීම භාරගෙන කටයුතු කරලා තියන්නේ, මෙම ප්‍රහාරය එල්ලවන දිනය දක්වා මාස 05කුත් දින 20ක පමණ කාලයක් පමණයි.
මීටපෙර මෙම අමාත්‍යාංශය භාරව සිටි කිසිදු මැතිඇමැතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබදව කිසිදු වගකීමක් මෙම කොමිසමේ විසින් පවරා නැහැ.
❖ ප්‍රහාරය සැලසුම්කල අයවලුන් බෝම්බකරුවන් ප්‍රහාරය සදහා මුල්‍ය ශක්තිය සැපයු පාර්ශවයන් හා ඔවුනට ආරක්ෂාව සැපයු අය වාර්ථාව තුල සැලකිල්ලට භාජනයකර නැ.
❖ පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී හමුවු ආයුධ නැව් මගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්ථාව එහි ගැඹුර සොයා යන්නේ නැ.
❖ මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිදවන සාරා නොහෙත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැගව සිට ඉන්දියාවට පලාගියා.
ඒ පිළිබදව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වා තියනවා විතරක් නෙමෙයි, එම නිසාම අනාවරණය කර ගත හැකිව තිබු තොරතුරු නොසලකා හැරලා තියනවා.
පාස්කු ප්‍රහාර දිනට පෙර නාමල් කුමාර නැමැත්තෙක් හිටි හැටියේ කරලියට ඇවිත්, මෛත්‍රීපාල සිරිසේන, එළඹීමට නියමිතව තිබු ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස නම්ව තිබු ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා ඝාතන කරන කතාවක් කළා මතක ද?
ප්‍රබල පාතාල මැදිහත්වීමක් පිළිබදව ත් ඔහු හෙලිදරව් කළා.
පසුව ඒ හා සම්බන්ධ විදේශීය ජාතිකයකුගේ නම කියවුනත් ප්‍රබල මැදිහත්වීමක් මත ඔහු පසුව නිදහස් කරලා තිබුනා. එත් ඒ කිසිම කාරණයක් කොමිසමේ අවධානයට ලක්වෙලා නැහැ.
මෛත්‍රීපාල හිටපු ජනාධිපති විසින් පත්කරන ලද මෙම කොමිෂන් සභාවේ විෂය පථය පිළිබඳව සළකා බලද්දී, පැහැදිලිවම එකී කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයින් නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන් මෙම සිද්ධි දාමයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇත්දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කරලා තියනවා.
එම කොමිසමට ලබාදුන් බලතල තුල කිසිසේත්ම රාජ්‍ය නායකයා හෝ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ ක්‍රියාකලාපයන් ඔවුන් වෙත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගකීම් ක්‍රියාත්මක කිරීම අදාල හෝ වගකීම් පැහැර හැරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කිසිඳු බලයක් ලබාදී නොමැති බව පැහැදිලිවම නිරීක්ෂණය වෙනවා.
එහෙයින් මෛත්‍රීපාල පිළිබඳව කර ඇති ප්‍රකාශයන් කොමිෂන් සභාව වෙත පවරන ලද බල සීමාව තුලට නොවැටෙන එයින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ ප්‍රකාශ කර සිටිනවා.
ඒවගේම, මෛත්‍රීපාල සිරිසේන පිළිබදව කර ඇති බොහෝ ප්‍රකාශයන් උපකල්පන මත පදනම් වූ ප්‍රකාශ බව පැහැදිලි යයි ශ්රීලනිපය අවධාරණය කර සිටිනවා.
මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 පිටුවේ සඳහන් වෙලා තියන විදියට, ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සහරාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට තරයේ උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණ බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලන්ත ජයවර්ධන මහතා සනාථ කර ඇති බව මෙම ප්‍රකාශයේ පිටු අංක 292 හා 293 හි සඳහන් වෙනවා.
කරුණු මෙසේ තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජකාරී හා වගකීම් පැහැර හැර ඇති බවත්, එය හුදෙක් සිවිල් නොසැලිකිලිමත් බව ඉක්මවා යන බවත් පරීක්ෂණ කොමිෂමේ අදහස බව ප්‍රකාශ කර තියනවා.
යම් කෙනෙකු විසින් වගකීම පැහැර හැරීම ඔහුගේ සිවිල් නොසැලිකිලිමත්වය ඉක්මවා යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයක්.
එසේම කොමිෂන් වාර්තාවේ 296 වන පිටුවේ සදහන් වෙලා තියන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවන්හි දී ආරක්ෂක අමාත්‍යධූරය සදහා වැඩබලන පත්වීමක් ලබා නොදීම තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව.
එම පිටුවේම ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ බලන පත්වීමක් සිදුකිරීම හුදු අභිමතයක් පමණක් බව ප්‍රකාශ කර තියනවා.
ඒවගේම, පාස්කු කොමිෂන් සභා වාර්තාව 487 වන පිටුවෙහි මෙහෙම තියනවා.
“ඔහු හෝ ඇය විදෙස් ගත වන්නේ නම් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීම ජනාධිපතිවරයාට අනිවාර්ය කිරීම සදහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවිය යුතුය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩබලන අමාත්‍යවරයාට තිබිය යුතුය. ජාතික ආරක්ෂක මණ්ඩලය කැදවා උපදෙස් දීමට වැඩබලන අමාත්‍යවරයාට බලය තිබිය යුතුය.”
මෙයින් පැහැදිලිව දැක්වෙන්නේ වැඩබලන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයකු පත්කිරීමට බලය පැවරෙන නීතිමය ප්‍රතිපාදන අප ව්‍යවස්ථාවේ නොමැති බව.
එසේ පත් නොකිරීම පිළිබදව ජනාධිපති සාපරාධී වගකීමක් පැවරෙන්නේ කෙසේද ?
අභිමතානුසාරී බලය ක්‍රියාත්මක නොකිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ කෙසේ වරදක් වේද යන්න දැඩි සේම අවිනිශ්චිතතාවයක්.
ජනාධිපතිවරයෙක් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල හා වගකීම ක්‍රියාත්මක නොකිරීම කිසිසේත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට කරුණක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තරයේ පෙන්වා දී තියනවා.
මෛත්‍රීපාල සිරිසේන ඉතා පැහැදිලිව සිය වගකීම් ඉටුකර ඇති බව මෙම වාර්තාව තුලින්ම පැහැදිලි වන අතර, ඔහුට එරෙහිව කිසිදු අපරාධ නඩුවක් පැවරීමට නීතිමය වශයෙන් හෝ කරුණු වශයෙන් ඉඩකඩ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය.
විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව යම් පැහැර පැහැරහැරීමක් මත අපරාධ නඩු පැවරිය යුතු යැයි තීරණය කරන ලද සංකල්පය අහිතකර පූර්වාදර්ශයක් වන අතර එය රාජ්‍ය නායකයෙකු වෙත ව්‍යවස්ථාවෙන් ලබාදෙන ලද බලය හෑල්ලු කිරීමක් කියලයි ශ්රීලනිපය කියන්නේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 වන දින පෙන්ටගනයට ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව වූ පරීක්ෂණ කමිටුවේ දී එකී ප්‍රහාරය පිළිබදව පූර්ව තොරතුරු ඇමරිකානු රාජ්‍ය අංශයන්ට ලැබී තිබුණ බව සනාථ වී තිබුනා.
ඒ වුනාට ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීම මත ඇමරිකානු ජනාධිපතිවරයාට හෝ බුද්ධි අංශ සාමාජිකයන්ට චෝදනා ගොනු කිරීම එම පරීක්ෂණ කමිටුව අනුමත කලේ නැහැ.
නවසීලන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද කරන ලද පරීක්ෂණ වලදී ඒ පිළිබඳ පූර්ව තොරතුරු එරට ආරක්ෂක අංශ වලට ලැබී තිබුන බව සනාථ වුනා.
එත් එරටේ ආරක්ෂක අංශ වලට එරෙහිව සාපරාධි නඩු පැවරීමක් සිදු කලේ නැහැ.
ත්රස්තවාදීන් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබදව ලොව පුරා පිළිගත් වගකීම් පිළිබද ඇති සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයින් හෝ දේශපාලන අධිකාරීන්ට එරෙහිව සාපරාධි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය සම්ප්රදායක් නොමැති අතර මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර ගනිමින් කරනු ලබන මෙවැනි ක්‍රියාවන් තුලින් අනාගතයේ දී ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙනඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බවද එය ඉතා භයානක හා අධූරදර්ශී ක්‍රියාවලියක් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දී තියනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී මෙම වාර්තාව පිළිබදව ගැඹුරු අධ්‍යයනයක් කොට ඒ පිළිබදව විශේෂ ප්‍රකාශයක් කරණ බවත් 1978 වසරේ මෙරටට හදුන්වාදුන් ජනාධිපති ආණ්ඩුක්රමය යටතේ ප්‍රථම වතාවට මානව නිදහස , ප්රජාතන්ත්රවාදය ලාංකික සමාජයට හදුන්වාදෙමින් යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහිවු ප්‍රථම ගැමිකම ගොවිකම නිර්ප්‍රභූ ජන නායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිබද කර ඇති නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතරම මෙයට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නිවේදනය මගින් කියා සිටිනවා.
අසම්පුර්ණ හා තමන්වෙත ලබාදෙන ලද විධානය පරිදි සකස්නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කලයුතු දෙයක් නොමැතිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කරලා තියනවා.
කොහොමින් කොහොම හරි පාස්කු කොමිසමෙන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟදීම ආණ්ඩුවේ වෙනත් කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම වෙන්න පුළුවන්.
කොහොම වුණත් පාස්කු බෙම්බයේ මහ මොලකරු කවද්දැයි මේ කිසිවකින් හෙලිවෙන්නේ නැහැ. ඒ කාරණය හෙලිකරනා තුරු අපේ රටේ ආරක්ෂාව බරපතල අනතුරක තියනවා කියලයි අපට කියන්න තියන්නේ.
###########################
පාස්කු බෝම්බයේ මහ මොළකරු කවුද ? සාරා..! පාස්කු කොමිසමේදීවත් නොවිසඳුණු අබිරහස සාරා..! ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?