පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනධිපති කොමිසම
සිය අවසන් වාර්තාවෙන් ලබාදී ඇති කරුණු තුල එම ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
 
ඔහු එබව අවධාරණය කර සිටියේ, පෙබරවාරි 25 දා රාත්‍රී ස්වර්ණවාහිනියේ 'රතු ඉර'  දේශපාලන සංවාදයට එක්වෙමිනි.
 
''මේ ප්‍රහාරයේ මහමොලකරුවන් කව්ද කියන එක මම ප්‍රශ්න කළේ කොමිසම් වාර්තාව එන්නත් කලින්. එහෙම කිව්වේ ඇයි කියලා CID යට මාව ගෙන්නලා ප්‍රශ්නත් කෙරුව. ඇයි එහෙම කිව්වේ කියල ඇහුවා. '' යයි පැවසු ඉරාන් මන්ත්‍රීවරයා,  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සහභාගිවන කෙනා එහි නායකයා නොවනබව ජාත්‍යන්තර අද්දැකීම් වලින් පවා තහවුරු වී ඇති හෙයින් අදාල සැබෑ ම මහා මොලකරුවන් හඳුනා ගැනීම රජයේ ආරක්ෂක අංශවල වගකීම බව අවධාරණය කළේය.
 
'' ඇත්තටම මේ ත්‍රස්තවාදී පිරිස්වලට ආධාර අනුබල දුන්නේ කව්ද ? මේවා පිටුපස ඉසිටියේ කව්ද ? කියන වැදගත්ම කාරණා කොමිසන් වාර්තාවේ නැහැ. '' යයි පැවසු මන්ත්‍රීවරයා, මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිදවන සාරා නොහෙත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය සැකකාරියක ලෙස කොමිසම හමුවට කැඳවීමටවත් කටයුතු නොකිරීම සැකකටයුතු බව කියා සිටියේය.
 
 මෙම කොමිසම විසින් නිර්දේශකර ඇති පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකළ යුත්තේ පිළිගත් අධිකරණ ක්‍රියාදාමයක් හරහා පමණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 
 
 
 

 
 
මහ මොළකරුවන් සැඟවීමේ උත්සහයක් ද ? - ශිරාල් ප්‍රශ්නකරයි 
 
 
 
මේ අතර ravaya.lk කළ විමසීමකදී නීතිඥ ශිරාල් ලක්තිලක පවසා ඇත්තේ ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම එම ප්‍රහාරයට සම්බන්ධ වු මහ මොළකරුවන් කව්දැයි යන්න සොයාගෙන නැති බවයි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කොමිසමේදී සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණත් ඒ ගැන අවධානයක් යොමුව නැති බව වාර්තාවෙන් පෙනෙන්නට ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.
 
මුස්ලිම් අන්තවාදය නැවත ඇතිවීම වැළැක්වීම උතුරේ යුද්ධය කළ ආකාරයෙන් සිදු කළ නොහැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක, තව්හිද් යනු විශ්වාසයක් මත පදනම් වූ ලබ්ධියක් බවත් එවැනි විශ්වාස මත ගොඩනැගෙන ආගම් භක්තිය නැති කිරීම ලෙහෙසි නොවන බවද අවධාරණය කර සිටියි.

 

 


 

 

 
 
 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
 

ස' ගේ සිස්ටම් නිසා පට් පට් ගාලා වැක්සීන් එක ගහගත්තා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්