පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව පියවර නොගෙන,
තම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට චෝදනා කිරීම පිළිබඳව විරෝධය දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාස්කු කොමිසම් වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඒ පෙබරවාරි 25 වැනිදා පැවැති ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී ය.
'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙක් සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී එයට එරෙහිව සටන් කරන බවයි.
තම පක්ෂයේ සභාපතිවරයාට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවහොත් නිහඬව නොසිටින බවද ඔහු අවධාරණය කර තිබේ.
පෙබරවාරි 24 දා පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ද ඒමේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර ඇත.
ඉදිරියේදී එම කොමිසම් වාර්තා පිළිබඳ විවාදයෙදී ශ්රීලනිපය සංවිධානාත්මක කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
විමල් වීරවංශ ප්රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡා කර නමුත්, ඉදිරියේදී ආණ්ඩුව තුළ තනි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කර ඇත.
ආණ්ඩුව තුළ සිටියත්, ස්වාධීන ප්‍රතිපත්ති මත කටයුතු කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවද ඔහු 'අනිද්දා' පුවත්පතට වැඩිදුරටත් පවසා තිබේ.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මතවූ යෝජනා
1 -අනාගත මැතිවරණ සඳහා සන්ධානය ලෙස තරඟ වැදීමේ තත්ත්වයක් උදාවන්නේ නම්, එම අවස්ථාවේදී වෙනත් පක්ෂයක මූලිකත්වය යටතේ තම පක්ෂය සන්ධානගත වීම වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නා ඒ වටා නිර්මාණය වන සන්ධානයක් බිහි කිරීමට පක්ෂය පෙරමුණ ගත යුතුය.
2 -ජනතාවගේ ඉල්ලීම් ගැටලු ප්‍රශ්න හමුවේ ඒවාට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පක්ෂය හා එහි ක්‍රියාදරයන් නායකත්වය ලබා දී යුතුය.
3- නැවත කිසිදු අවස්ථාවක පොදුජන පෙරමුණ සමග සන්ධානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකළ යුතුය.
4- කවර නීති කෘත්‍ය අධිකරණ ක්‍රියාමාර්ගය පක්ෂයට හෝ එහි නායකත්වයට හෝ තනතුරු දරන්නට පැමිණිය ද ඒවාට මුහුණ දීම හැර කේවල් කිරීමට හෝ අතරමැද එකඟතාවට නොපැමිණිය යුතුය
සබැඳි පුවත් :
පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?