ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු
 ඕස්ට්‍රේලියාවේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
 මෙලෙස බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ දග පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් සහ තුන් ඉරියව් ක්‍රීඩක චින්තක ජයසිංහයි. 
 
ඔවුන් මෙලෙසෙ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ මෙල්බන් නගරයේ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ දැක්වේ.
 
 සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ මෙල්බන් නගරයේ පිහිටි ප්‍රංශ සමාගමකට අනුයුක්තව සේවය කරන බවද එහි සඳහන්ය.
 
සුරාජ් රන්දිව් යනු 2011 වසරේ ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන මහා තරගයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31 සහ පන්දුවාර 20 තරග 07ක් නියෝජනය කර ඇත.
 
 ජාත්‍යන්තර කඩුලූ 86ක් බිඳ හෙලා ඇති සුරාජ් රන්දිව් එවකට සැලකුනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් දඟ පන්දු බලාපොරොත්තුවක් ලෙසයි.
 
 
 චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 05කට ක්‍රීඩා කර තිබේ.
 
ඔවුන් දෙදෙනාම මේ වන විට මෙල්බන් නගරයේ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන්ද ක්‍රීඩා කරමින් සිටිති.
 
 සුරාජ් රන්දිව් මෙන්ම චින්තක ජයසිංහගේද බලාපොරොත්තුව වී ඇත්තේද  ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමයි.      
 
 (නෙත් නිව්ස්)

 

 


 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්