ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකයින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් ඇතැයි එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

 
 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල කිරීම එම කුමන්ත්‍රණයේ එක් කොටසක් බව ද ඔහු කියා සිටියි.
 
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙම අදහස් පළකළේ මහනුවර ප්‍රදේශයේ ( පෙබ.28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
 

 
 
"මං හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආකාරයකින් අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් මැතිවරණය නිමාවීමත් සමගම ආරම්භ වුණා කියලා. 
 
අපට මේ කාරණාව හරියට අධ්‍යනය කළොත් එහෙම මේකෙ පළමුවෙනි පියවර විදියට අපට පේනවා අපිත් සමග මැතිවරණයට පෙර අත්සන් කරපු මූලික එකඟතාවයන් එකක්වත් ඉටු කළේ නෑ. ඇමති මණ්ඩලයේ නියෝජනයන්, නියෝජ්‍ය ඇමති මණ්ඩලයේ නියෝජනයන්, ජාතික ලැයිස්තුවෙ නියෝජනයන්, වෙනත් නිලතල වල නියෝජනයන් ඒ කිසිවක් අපට ලබාදුන්නෙ නෑ හරියට. ඒක මං හිතන්නෙ සිතාමතා කරපු දෙයක්. 
 
දෙවනුව අපි දැක්කා එමගින් අපේ පක්ෂය දෙකඩ කරලා වෙනත් පක්ෂයක් නිර්මාණය කරපු හැටි. 
 
තුන්වෙනුව අපට මැතිවරණය ඉස්සරහා අපට පොරොන්දු දීලා ඒ පොරොන්දු කඩකරලා අපේ පක්ෂය යම් ආකාරයකින් ඉතාම අසීරු තත්වයකට පත්කිරීමේ ක්‍රියාවලිය. 
 
දැන් මේ අවස්ථාවෙදි අපට පේනවා අපෙ පක්ෂයේ නායක කාරකාදීන්ට පහරදීලා කොන් කරලා අධිකරණමය ක්‍රියාමාර්ග වලට කොටුකරලා කිසියම් ප්‍රමාණයකට පක්ෂයේ නායකත්වය, බලතල, පක්ෂ ව්‍යුහය උදුරාගන්නට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණයත් මට හිතෙනවා යම් ආකාරයක උත්සාහයන් තියෙනවාද කියන කාරණය. 
 
මම හිතනවා මේ වෙලාවෙ ශ්‍රීලනිපය විනාශ කිරීම සඳහා දරණ උත්සාහයන් පෙලේ එක අවස්ථාවක් විදියට තමයි අපි මේක දකින්නෙ.
 
 ඒ වගේම මෙය පරාජය කිරීම සඳහා අපෙ පාක්ෂිකයින්ට අපෙ හිතවතුන්ට අපෙ සහෝදර සෙසු ප්‍රගතිශීලී වාමවාදී දේශප්‍රේමී සියලු පක්ෂවලට සංවිධානවලට ආයතනවලට අපි ආරාධනා කරනවා අපිත් සමග එකතුවෙන්න කියලා" යයි ශ්‍රීලනිප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් පැවසිය.
 
 
මේ නොකියා කියන්නේ බැසිල් ගැනද ?
 
 
 Unknown
 
පාස්කු කොමිසම් වාර්තාව පදනම් කරගනිමින් පක්ෂයට හා පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි ශ්‍රීලනිප නායකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල ප්‍රකාශ කලද ඒ කුමන්ත්‍රණකරු කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වා ඇතිබවක් පෙනේ. 
 
කෙසේවුවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි ඔවුන්ගේ චෝදනාව එල්ලවී ඇත්තේ බැසිල් රාජපක්ෂ වෙතය.
 
අපවෙත වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ පසුගියදා දෙවතාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සහද කතාබහක් සිදුකර ඇත. මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ පැවති එම සාකච්ජාවලට ශ්‍රීලනිප  ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුද එක්ව සිටියේය.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්